ඉතිහාසය කළු කළ මහා පාවා දීම වුණේ ශ්‍රිලංනීයේ නොපැමිණි කණ්ඩායම අතින්….!

0

ඉතිහාසයට කළු පැල්ලමක් ඉතිරි කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් සිදු කළේ ,මහා පාවා දීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසා සිටියා.

ඊයේ (05) පාර්ලිමේන්තු සංකීර්ණයෙදි පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ  මොවුන්ගේ නම් සෝමාරාම නමට යටින් පමණක් ලියැවෙන බවයි.

අගමැතිවරයා සමග කටයුතු කළ නොහැකි බව කියමින් බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට එරෙහිව කටයුතු කරන්නේ යැයිද පවසමින් රට පුරා ප්‍රචාරක රැස්වීම් පැවැත්වූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලක්ෂ 13ක් මහජන ඡන්ද පසුගිය මැතිවරණයේදී ලැබුණු බව මන්ත්‍රීවරයා මෙහිදි පෙන්වා දුන්නා.

මේ නිසා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයට කුමක් වූවේද යැයි මේ වන විටත් අබිරහසක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.