පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් අත ලඟ….ඕන කෙනෙක් රජය සහය දෙන්න….ජනපති පවසයි!

0

විෂයපථයන්හි වෙනසක් සමඟ ඉදිරියේදී පූර්ණ අමාත්‍යමණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් ට අදාළ කටයුතු සඳහා දෙපාර්ශවයේම කමිටුවක් පත්කෙරෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර සිටියා.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වූ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ඕනෑම අයෙකුට රජය ශක්තිමත් කිරීම සඳහා තමන් ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කොට සිටියා.

මැතිවරණ ක්‍රමයේ පවතින විකෘති තත්ත්වයන් නිසා පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Maithripala Sirisena

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here