උදව්වට උදව් කරමින් රනිල්ගෙන් ගම්මන්පිලට කැබිනට් ඇමතිකමක්!

0

පිවිතුරු හෙළ උරුමයේ මහ‍ලේකම් උදය ගම්මන්පිල මහතාට කැබිනට් අමාත්‍යධුරයක් පිරිනැමීමට අවස්ථාව දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ආලින්දයේදි හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වාසභංග යෝජනාව ගෙනවිත් තම ශක්තිය පෙන්වීමට අවස්ථාව උදාකිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් උදය ගම්මන්පිලට කැබිනට් අමාත්‍යධූරයක් පිරිනමා කෘතඥතාවය පළ කිරීමට තමා සූදානමින් සිටිතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කොට තිබෙනවා. එයට පිළිතුරු ලෙස අගමැතිවරයාගේ කරට අත දැමීමෙන් හිටපු ජනාධිපතිවරයා සිය එකඟතාව පල කර තිබෙන බවත් වාර්තා වනවා.

මේ අතර මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා කෙහෙළිය රඹුක්වැල්ල උදය ගම්මන්පිල සමග පාර්ලිමේන්තු ආලින්දයේ රැඳී සිටි අවස්ථාවේදී ද එතනට ආ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උදය ගම්මන්පිල සිය කෘතඥතාවය පළ කරන බවත් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here