ශ්‍රිලංනීපේ 7 කට එරෙහි විශ්වාසභංග යෝජනා කතානායක අතට….!

0

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල හා තවත් මන්ත්‍රිවරුන් 6 දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් අද (06) කතානායක කරු ජයසූරිය වෙත බාර දෙනු ලැබුවා.

ඒ අනුව චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්. ඩී. ජේ සෙනවිරත්න හා එස් බී දිසානායක යන අමාත්‍යවරුන්ට එරෙහිව මෙලෙස විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට හා ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීම, හා අග්‍රාමාත්‍යවරයා හා ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති බවට පාර්ලිමේන්තුවේදි යෝජනා සම්මත කිරීම එම විශ්වාසභංග යෝජනාවල ගොනු වී ඇති චෝදනා වේ.