විශ්වාසභංගේ ඔටෝ දිනන්න දීලා බලාගෙන හිටියා….එදා ගියා නම් වෙන්නේ නෝන්ඩි වෙලා එළියට බහින්න!

0

විශ්වාසභංග යෝජනාව ගෙන ආවට එය ජයග්‍රහණය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිසිවක් නොකළ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.

විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටිම පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීමක් කරමිනි.

“අපි පරදින විශ්වාසභංගයකට නෙමෙයි අත්සන් කළේ දිනන විශ්වාසභංගයකට. අපි කැඩිලා බිඳීලා ගියොත් හම්බවෙන උත්තරය අපි දන්නවා. අපි ණයාට ගහලා පොල්ල් වරද්ද ගත්තේ නෑ. මම කලින්ම අත්සන් කරපු විදියට එදා ගියා නම් පරදින්න ඡන්දෙත් දීලා නෝන්ඩි වෙලා. එක්කෝ එළියට බහින්න ඕන. මොකද මේ විශ්වාසභංගය ගෙනාවේ 51 කයි, අපි 4 දෙනයි හැරුණු කොට කවුරුත් මේ විශ්වාසභංගය ගැන 4 වෙනිදා වෙනකම් කතා කළේ නෑ. මේක ඔටෝ දිනන්න හැරලා කට්ටිය බලාගෙන හිටියා. විශ්වාසභංගය ගෙනාව එක නෙමෙයි මේ ප්‍රශ්නේ ඒක කඩාකප්පල් කරපු කට්ටියගෙන් පරිස්සම් වෙන්න කියලා අපි කාගෙනුත් ඉල්ලනවා. ඒකාබද්ධ විපක්ෂය මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන. ඒ වගේම කියන්න ඕන පළවෙනියෙන්ම අත්සන් කරපු 4 දෙනා මේ වෙනකම් මට රුපියල් 4ක් වියදම් කරලා කෝල් එකක් අරගෙන නෑ. අපි අපිම මේකට කැපවෙලා මේක දිනන්න කටයුතු කරනකොට අන්තිම දවසේ අපිට මේ පාප කර්මයෙන් අයින් වෙන්න සිද්ධ වුණා. නැත්නම් මටත් සිද්ධ වෙන්නේ මොකද්ද මේ කළේ කියලා හිත හිත ඉන්න.” නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here