පක්ෂේ අය රැක ගන්න කොන්ද පණ ශ්‍රිලංනීපයට තියනවා….හිටපු ජනපති වගේ අනාථ මිනිස්සු අපි හදන්නේ නෑ!

0

ආණ්ඩුවේ පාර්ශයවන් ලෙස විශ්වාසභංගයේදි ආණ්ඩුව ආරක්ෂා කිරීමට කොන්ද පන තිබු ලෙසම තම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගයන්ටත් කොන්ද කෙලින් තබා මුහුණ දීමේ හැකියාව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සතු වන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුම්න්ද දිසානායක පවසා සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ තම පක්ෂයේ මන්ත්‍රිවරුන් ආරක්ෂා කිරීමට පක්ෂය සූදානම් බවයි.

පක්‍ෂයක් ලෙස බහුතර මතයට මෙන්ම සුළුතර මතයටද ගරු කරන බව කී අමාත්‍යවරයා සුළුතරය නියෝජනය කළ පිරිස සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගත යුතු නැති බව අවධාරණය කළා.

පසුගිය පළාත් පාලන මැතිවරණය හෝ විශ්වාසභංගය සමඟ ශ්‍රී.ල.නි.පය කැඩී යා යුතු නැතැයි පැවසූ අමාත්‍යවරයා  කැඩීම කළේ විශ්වාසභංගය නොව පළාත් පාලන මැතිවරණයේදී අපේ කණ්ඩායමක් සමඟ වෙනත් වේදිකාවකට ගොඩවූ  හිටපු ජනාධිපතිවරයා බවත් ප්‍රකාශ කළා.