මුදලට විකිණෙන අය එක්ක ඒකාබද්ධ සුකිරි බටිල්ලෝ ගණන් හදනවා….විරුද්ධව ඡන්ද දුන් අයම ආණ්ඩුවේ ඇමතිකම් කරනවා…..මේවා ආණ්ඩුද?

0

දේශපාලන වරදාන වරප්‍රසාද වලට තම ප්‍රතිපත්ති පාවා දෙන දේශපාලකයන් සමග විශ්වාසභංගයට පක්ෂ පිරිසේ ගණන් සෑදු ගම්මන්පිල මන්ත්‍රිවරයා ඇතුළු  ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දේශපාලන සුකිරි බට්ටල්ලන් බවට පත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.

තංගල්ල ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ විරු සමරු උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“මම දැක්කා සමහර කණ්ඩායම් කියනවා අප්‍රේල් 5 වෙනිදාට ඉර පායන්නේ නෑලු මොකද රනිල් පැරදුනේ නැත්නම්. අවම වශයෙන් ජයග්‍රහණය 7න් උපරිම වශයෙන් ජයග්‍රහණය 57න්. ගම්මන්පිලට ඔය වගේ තර්ක හදන්න පුළුවන් ඒගොල්ලො කම්බි කණු බිස්නස් එකක් කළා නම්. තමන්ගේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් එහාට මෙහාට විකිනෙණ දේශපාලකයෝ එක්ක. මොන සුකිරි බටිල්ලෝ ද මේ. යූ එන් පීයේ මන්ත්‍රිවරු ගෙන ඒමේ වගකීම චතුර බාර ගනී. චතුරයා, රංගේ බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කියනවා මාත් එක්ක 27 ඉන්නවා. ඒ රංගේම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කියනවා, 27ක් විශ්වාසභංගයට විරුද්ධයි කියලා. හැබැයි අර ගොබිලෝ ටික ගණන් හදනවා. හා එතැන 27 යි. මුතුහෙට්ටි, මස්තාන් ඇහුවෙත් එදා. විශ්වාසභංගයට තමන් අත්සන් කරනවා හැබැයි ඡන්දය දෙන්න එන්නේ නෑ.”

“ජන කොට්ඨාස අතර තියන වෛරය සැකය වර්ධනය වෙලා තියෙනවා. හැන්ගෙනවා, අඩනවා, ආරක්ෂාව ඉල්ලනවා, කවුරු වෙනකම් ද ප්‍රභාකරන් වගේ තරුණයෙක් එනකම්. ඒ රිෂාද බදුයුඩීන් නෙමෙයි. ඒ රිෂාද් නෙමෙයි. ඒ ගොල්ලෝ ජාතිවාදය ඇවිස්සෙන්න දීලා ඒකෙන් ඡන්ද ටික අරගෙන අමාත්‍යධූර අරගෙන ඒකෙන් තමන්ගේ සුඛ විහරනය සලසා ගන්නවා. මේ ආණ්ඩුවේම අය අග්‍රාමාත්‍යවරයා නෙරපා හරින්න ඡන්දය දෙනවා. ඒ අයම අගමැතිවරයා යටතේම ආණ්ඩු කරනවා කියලා කියනවා. මේවා ආණ්ඩු ද? ඉස්සර පක්ෂේ ඇතුලේ අර්බුද හැදුනේ යම් බලකණු එක්ක. ප්‍රේමදාස එක්ක අර්බුද හැදුනේ ලලිත් ගාමිණි, දැන් අර්බුද හැදෙන්නේ රනිල් රංගේ, රනිල් සමග වසන්ත, රනිල් සමග චතුර, පක්ෂයේ වාටියේ පක්ෂයේ නායකයා එක්ක සටන් කරන්න පටන් ගන්නවා.” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

Anura Kumara Dissanayaka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here