ශ්‍රි ලංනීප ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංගයට අගමැති වැට බඳී…….!

3

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසකට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් භාර දී තිබු විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගන්න ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.

අදාළ විශ්වාසභංගයි යෝජනාව පක්ෂයේ මතයක් නොවන නිසා හා පක්ෂයේ අනුමැතියකින් තොරව එම විශ්වාසභංග යෝජනාව බාර දී තිබීම නිසා අග්‍රාමාත්‍යවරයා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 ක් පමණ පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර එයින් කැබිනට් අමාත්‍යවරුන් 6ක් දෙනෙකු හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ට එරෙහිව ඊයේ විශ්වාසභංග යෝජනා 7ක් කතානායක වෙත භාර දීමට එජාප මන්ත්‍රි කණ්ඩායමක් පියවර ගත්තා.

3 COMMENTS

  1. Good sitre you’ve got here.. It’s hard to find qualitfy writing

    like yours nowadays. I truly appreciate individuals like you!

    Take care!!

Comments are closed.