අගමැති අවිශ්වාසයි….ආණ්ඩුවේන් ඉවත් වීමට අවසරය දෙන්න…ශ්‍රිලංනීපයේ 16ක් ජනපතිගෙන් ඉල්ලයි

0

අගමැතිට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් මැති ඇමතිවරුන් 16 දෙනා තමන්ට ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එම මැති ඇමතිවරුන් 16 දෙනාගේම අත්සනින් යුතුව ඇති ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් එම පිරිස මේ බව පවසා තිබෙනවා.

තමන්ට විශ්වාසය තැබිය නොහැකි අගමැතිවරයෙකු යටතේ තිබෙන අමාත්‍ය මණ්ඩලයක තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා සිටියා.