ලංකාවේ හමුදා නිලධාරින් ජාත්‍යන්තර යුධ අධිකරණ වලට ගෙනියන එක අනිවාර්යයි….කාටවත් ඒක වලක්වන්න බෑ!

0

යුද අපරාධ සිඳු කළ ශ්‍රී ලංකා හමුදා නිලධාරින් ජාත්‍යන්තර අධිකරණ ව්‍යූහයට හසු වීමට නියමිත බව කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී හරි ආනන්දසංකරි පවසා සිටියා.

ජාත්‍යන්තර අධිකරණ ව්‍යූහය ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස් කෙට් කිල්මෝර් විසින් රටවල් 137කට කළ ඉල්ලීමට අනුව මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමට නියම්ත බවයි ඔහු පවසා සිටියේ.

එයට අනුව යුද්ධයට සම්බන්ධ හමුදා නිලධාරින්ව යුරෝපා රටවල්වලට රැගෙනවිත්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බවත් දැනටමත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩි.කේ.පී. දසනායක ඇතුළු හමුදා නිලධාරින් 25 ගේ නම් එලෙස පරීක්ෂණ පැවැත්විය යුතු හමුදා නිලධාරින් ලෙස හදුනා ගෙන ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.