ඔයිල් ෆාමි නැතහොත් කටුපොල් නරක ඇයි? ඔයිල් ෆාම් නිසා විනාශ වන අපේ වනගහනය හා සංස්කෘතිය

0

ශී‍්‍ර ලංකාව ඇතුළු නිවර්තන කලාපයේ රටවලට මහ පරිමාණයේ වැවිල කර්මාන්තවල අත්දැකිම ලැබෙන්නේ යටත් විජිත සමයෙදීය. ඒ, අද කෘෂි ඉන්ධනවලට මෙන්, එදා බටහිර රටවලින් කෝපි, තේ, රබර්වලට ඇති වූ ඉල්ලූම සපුරාලිීට අපේ බිම්වල ඇති කළ වැවිලි වගාවන් හේතුවෙන්ය. මේ කිසිදු බෝගයක් බටහිර රටවල තිබූ ඒවා නොව, නිවර්තන කලපිය රටවලට සිමා වූ ඒවා ය. ඒ නිසා ඒවා යූරෝපිය රටවල වගා කිරීමේ හැකියාවක් ද නොවුණි. එම අවශ්‍යතාවන් සපුරා ගැනිම සඳහා වූ එකම මාර්ගය වූයේ අපේ රටවල වන්නතර සහ ගොවි බිම මේ වගාවන් සඳහා යොදා ගැනිමයි.

අද වන විටද මෙය වෙනසක් නොමැතිව සිදුවෙිමින් පවතීග මහ වැලි සංවර්ධන ව්‍යාපෘතියත් සමග මෙරට ගොවිතැන කනපිට හරවන ලදීගඑයින්ද නොනැවතී ජාතික භෙෘතික සෑළසුම අනුව මෙරට ඉඩමි අක්කර ලක්ෂ ගණනාවකි ආර්ථික බෝග වගාවන් වෙනුවෙන මෙිවන විට ලබාදෙමින් සිටිගමෙහි ප‍්‍රධාන එක් ගොදුරක් ලෙස අදවන විට මෙරට ඉඩමි ගිල ගන්නා ඔයිල් ෆාමි වගාව හැදින්විය හැකිය.

Arecaceae ශාක පවුලට අයත් මෙම ශාකය Elaeis Sp විශේශයක් වන කටුපොල් මෙරට වගා කිරිම ආරමිබ කර ඇත. මෙි වන විට බුලත් සිංහලල කළුතර, මතුගම,රත්නපුර, අවිස්සාවෙිල්ලල, ගාල්ල, දෙණියාය, කන්නෙලිය ඇතුළු බොහෝ රබර් ඉඩමි තිබූ ස්ථානවල මෙන්ම අළුතින් කැලෑ ඉඩමි හෙළි කරමින්ද මෙරට මහා පරිමාණ ලෙස ඔයිල් ෆාමි වගාව සිදුකරමින් ඇත.

මෙිකී ඔයිල් ෆාමි වගාවන් නිසා මෙරට දැවැන්ත පාරිසරික හා සමාජීය වශයෙන් මෙිවන විටත් ගෑටළු ගණනාවකි නිර්මාණය වී තිබෙි. ලංකාවෙි පමණක් නොව ඔයිල් ෆාමි වගා කල අනෛක් රටවල් උදාහරණයට ගත් විට අප රටට අත්වෙිමන් පවතීන ඉරණමට පිළිබද බොහෝ සාක්ෂි ලොව පුරා සපයා ගැනීමට හැකිවෙි.

විවිධ ආහාර නිෂ්පාදනයන්ට මෙන්ම (Biofuel) ජෛව ඉන්ධන ලෙස ලොව පුරා ෆාමි ඔයිල් සදහා ඉල්ලුමක් ඇති අතර මෙි සදහා වැඩිය ඉල්ලුම පවතින්නේ ඔයිල් ෆාම් වගාවන් සිදුකළ නොහැකි යුරෝපීය රටවල හා ඇමරිකානු රටවලය. ඔහුන්ගේ එම අවශයතාව සපුරාගැනිම සදහා පසුගිය දශක කිහිපය පුරා ලෙව නොයෙක් රටවල වනාන්තර ලක්ෂගණන් හෙළිකරන ලදී.

2003 වන විට කොලෝම්බියාවේ ෆාම් තෙල් වගාව වෙනුවෙන් වෙන්වූ කැලෑ ඉඩම් ප‍්‍රමාණය හෙක්. 1,80,000 වු අතර 2007 වන විට එම ප‍්‍රමාණය හෙක්. 3,00,000 දක්වා වර්ධනය වි ඇත. එය 2019 වන එම ප‍්‍රමාණය හෙක්යාර් 10,00,000 දක්වා ව්‍යාප්ත කිරිමට සැළසුම් කර ඇත.බ‍්‍රසීලයේ දැනට ෆාම් ඔයිල් බඩ ඉරිගු යන වගාවන් සදහාත් සෝයා වගා කිරිමටත් යොදා ඇති කැලෑ ඉඩමි ප‍්‍රමාණයආසන්න වශයෙන් හෙක්. මිලියන 20ක් පමණය.

ෆ‍්‍රින්සර්ටන් විශ්ව විද්‍යාලය හා ස්විස් ෆෙඩරල් අධ්‍යයන ආයතනයෙහි දත්ත වාර්ථා අනුව 1990 හා 2005 වන විට 5% වනානතර ප‍්‍රතිශතයක් ඉන්දුනීසියාව හා මැලේසියාව වැනි රටවලින් ඔයිල්ෆාමි වගාව වෙනුවෙන් විනාශකර දමා ඇතග එය වනාන්තර හෙක්ටයාර් මිලියන 20 වැඩි ප්‍රමාණයක් බව එම වාර්ථා තව දුරටත් සදහන් කරයි.ඒ අනුව 2007 වර්ශයෙි UNDP වාර්ථා කරන අන්දමට ඒ වන විට ලොව වැඩිම වනාන්තර ප‍්‍රාමාණයක් විනාශකර දමමින් ඇති ප‍්‍රධාන ආර්ථික බොගය ලෙස මෙය හදුන්වා ඇත.

එමෙන්ම ලොව පුරා මෙි පිළිබද පර්යෙෂණ කරන විද්‍යාඥයන් වන Eusebius Pantja Pramudya, Otto Hospes & C. J. A. M. Termeer (2017) පෙන්වා දෙන්නේ ඉන්දිනිසියානු හා මැලේශියානු රජයන් හි පාරිසරක නිති හා සිවිල් නීති උල්ලංඝනය කරමින් ඇතැමි ඔයිල් ෆාමි සමාගමි සිය වගාවන් ව්‍යාප්ත කර ඇති බවයි.
පසුගිය දශක කිහිපය තුල ප‍්‍රධාන වශයෙන් මැලේසියාව හා ඉන්දුනිසායාව ප‍්‍රමුඛ කොට පැවති ඔයිල් ෆාමි වගාව ලංකාව හා ඉන්දියාව වැනි රටවලට ව්‍යාප්ත වන්නේ ඇයිදැයි බලන විට අපට පෙනෙන්ට තිබෙින කරුණ නම් මැලේසියාව හා ඉන්දුනිසායාව වැනි රටවල විශාල වශයෙන් වනාන්තර හානි කිරීම, ජෛව විවිධත්වය විනාශවී යාම, ජල උල්පත් සිදීයාම, ගොවි බිමි මෙම වගාවන් කිරීම සදහා බලහත්කාරයෙන් භාවිතා කිරීම, මානව ශ‍්‍රමය සුරාකෑම යන කරුණු ගනනාවක් නිසා මේවා වගා කළ වැවිලි සමාගමි ගණනාවක් එම රටවලින් ඉවත් කරන තුරු ජනතා උද්ඝොෂණ සිදුකෙරුණු අතර ඔයිල් ෆාමි වගාවන්ට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවෙි ඒවා අපරටට හා ඉන්දියාවට ව්‍යාප්ත කිරීමට එම වැවිලි සමාගමි කටයුතු කරමින් ඇතිබවයි.

ඔයිල් ෆමි වගාවන් සඳහා වැය වන අධික ජල පමාණය සහ වගාව නිසා සිදු වන ජල දූෂණය නිසා මෙි වන විට මෙම වගාව සිදුකල බොහෝ රටවල් ජල අර්බුදයකට මැදිව සිටිති. ඒ සියල්ල අප වැනි තුන්වන ලෝකයේ රටවල. ජාත්‍යාන්තර ජල කළමණාකරන ආයතනය විසින් 2006 මාර්තු මාසයේදි නිකුත් කළ වාර්තාවක් මගින් අනතුරු හඟවා තිබුනේ කෘෂි ඉන්ධන කරා යාමට ඇති හදිසිය නිසා ජල අර්බුධය වඩාත් දරුණු කරන බවය.

ෆාමි ඔයිල් ලිටරයක් නිෂ්පාදනය සදහා අවම වශයෙන් ජල ලිටර් 2364 වැය වන බවට මෙිවන විට ගනන් බලා ඇත.water foot print netwaork හි අධ්‍යයනයන් අනුව එය දැනට සනාත කරගන ඇති අතර The Gardina උපුටා දක්වමින් ෆාමි ඔයිල් ලිටරයක් නිෂ්පාදනය සදහා අඩුම ජල ලිටර් 3065 වත් වැය වන පෙන්වා දිය හැකිය ග ඒ අනුව මෙරට ඔයිල් ෆාමි වගාව සිදුකරන බිමි වලට හා මෙරට ජල මුලාශුවලට ඉදිරිදෙී අත්වන ඉරණම ඉතාමත් ඛෙදජනක බව අපට පැහැදිලිය.

එමෙන්ම අධික අස්වැන්කත් ඉක්මණින්ම ලබා ගැනීමට දරන උත්සහය නිසා මේ වගා බ්ම්වල අධික ලෙස වල්නාශක.දිලිරනාශක, කෘමීනාශක, පනුවන් මර්ධන රසායන මෙන්ම කෘන්තක සතුන් මර්ධනය සඳහාද විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කෙරෙයි. මේ වගා බිම්වල විවිධකාර වූ අධික විෂ සහිත රසයනික ද්‍රවය භාවතාව අධිකලෙස මෙන්ම හානිකර ලෙසද පාරිසරයට බලපෑම අනිවාර්යය වේ.

අධික ලෙස භාවිතා වන වල් නාශක, දිලීර නාශක සහ පළිාබා්ධ නාශකවල ප‍්‍රතිඵලය වන්නේ පසේ සිට අවටපරිසර පද්ධති හැම එකකම තිබෙන ජෛවවිවිධත්වය වැනසි යාමයි. එය අවසානයේ ජලජ පරිසරයටත් භූගත ජලයටත් එකතු වේ.

මෙම හේතුව නිසා පානිය ජල ප‍්‍රභවයන්ටත් දැඩි ලෙස හානිකර බලපෑම් ඇති කිරීම නොවැලැක්විය හැකිය. එයට හෙදම උදාහරණය පැලවත්ත උක් වගානවන් ආශ‍්‍රිත වෙසෙන ගොවි ජනතාවගෙන් බොහෝ දෙනෙක් මෙි වන විට වකුගඩු රෝගීන් බවට පත්වී තිබීමයි විශ ජලය පාණය ප‍්‍රථිපලය එයයි.

අනෙක් අතට ලංකාවෙි කෘෂි වගාවන් පසේකලා සිදුකරන මෙිවැනි වගවන් නිසා මෙරට වනාන්තර ජලය විනාශ වනවා පමනක් නොව ඉතාම අරමුණු සහගතව රජය විසින් ගොවින් වි ගොවිතැන් ජනතාවද ඉවත් කරමින් ඇත. ජාතික භෞතික සැළස්මේ කෙතැනකවත් විී වගාව ප‍්‍රවර්ධනය සදහා රජය ක‍්‍රියාත්මතක වනවා යැයි සදහන් කර නොමැති අතර ඒ වෙනුවට ගොවිනු සදහා වැඩි ලබා ලැබිය හැකි බෝග වගාවන් සදහා යෙමු කරන බව එම සැළසුම මනාව කියා පායී.

මෙම ඔයිල් ෆාම්, කැවෙන්ඩිස්, කෙසේල්, ග‍්‍රීන් ෆීස්, උක්, බඩ ඉරිගු වැනි වගාවන් නිසා සිදු වන්නේ රැකියා බිහි විමක් නොව හෝ වැඩි ලාභයක් ලැබීමක් නොව බහුතරයකට තිබූ ජීවනෝපායන්ද අහිමි විමය. සැබෑම කරුණ වන්නේ ග‍්‍රාමීය කුඩා ගොවී ජනතාව ගොවි බිමි වලින් පලවා හැර එම ගොවි බිමද ඉහත කී වගාවන් සදහා යොදා ගැනීමයි.

ලොව පුරා මෙම වගාවන් ව්‍යාප්ත කිරීම සදහා 1985 සහ 1996 කාලය තුළ කුඩා සහ මධ්‍යම ප‍්‍රමානයේ ගොවිපලවල් 9,41,000ක ජීවත් වූ ගොවීහූ ලක්ෂ 53ක් සිය ගොවි බිම් වලින් බලහත්කාරයෙන් ඉවත් කර තිබේ. ලෙවටද අපටද මෙය අළුත් තත්වයක් නොව නමුත් පැරණි ගැටළුම අළුත් ලෙස අපට නැවත පැමිනෙමින් ඇති බව අප අවබෝධ කරගත යුතුය.

ස්වදේශික ජනතාවගේ ප‍්‍රශ්න සඳහා වන එක්සත් ජාතීන්ගේ නිත්‍ය කමිටුව 2007 මැයි මස රැුස් වූ අවස්ථාවේදි එහි සභාපතිනිය වන වික්ටෝරියා තවුලි-කොපුස් විසින් අනතුරු හඟවනු ලැබුවේ ඉන්දුනිසියවේ බටහිර කලිමන්තාන් ප‍්‍රදේශයේ ජිවත් වන මිලයන 5 ක් ස්වදේශික ජනතාව ඇතුලූ ලොවපුරා ස්වදේශික ජනයා මිලියන 60ක් සිය නිජබිම්වලින් එලවා දැමිමට ආසන්නව ඇති බවත් ඒ අන් කිසිවකට නොව, ඔයිල් ෆමි වගාවන් වනුවෙන් බවත්ය. මෙම කතාබහෙන් වසර එකොළහක් ගතවන මෙම 2018 වර්ෂය වන විට එය සැබෑවක් බවට පත්ව ඇති අතර ඉන්දුනීසියාවෙ මිලියන් 06 ආසන්න ස්දේශිය ජනතාව ඔයිල් ෆමි වගාව සදහා ඉඩමි බලහකත් කාරයෙන් ලබාගැනීම නිසාත් ලජලය දූෂණය වීම නිසාත් අවතැන් තත්වයට පත්ව ඇතග

එතනින්ද නොනැවතී ඉන්දුනීසියාවෙි පිහිටි ජාත්‍යන්තර වන පර්යේෂණ ආයතනය පවසන පරිදි ඔයිල් ෆාමි වගාව විසින් ප‍්‍රදේශ ගණනාවක ජෛව විවිධත්වයට බරපතල තර්ජන ඒල්ල කර ඇතිබව පවසා සිටියිග විශේෂයෙන් ඔයිල් ෆාමි ආශ‍්‍රීතව කරන ලද පර්යේෂණ පත‍්‍රිකා 9143 උපුටා දක්වමින් සාරංශ කර ඇති අකාරයට ලොව පුරා සිදු වූ මෙම වගාවන් නිසා සතුන්ගේ ආහාර දාමයන්ට බරපතල තර්ජනයක් ඔයිල් ෆාමි වගාවන් සිදුකර ඇත. එමෙන්ම සතුන විනාශ වී යාම, ආහාර නිෂ්පාදනය දුර්වල වීම මෙම වගාවන් නිසා සිදු වී ඇති බවට පර්යේෂණ වාර්ථා කරුණු වාර්ථා කර ඇත.

අප රට තුල මෙම වගාවන් පවත්වාගන යාම හා තව දුරටත් ව්‍යාප්ත කිරීම නිසා අත්විය හැකි බරපතල ඛෙදවාචකයට උදාහරණ ලොව දසතින් අපට ලබා ගක හැකියග ඉහත පෙන්වා දුන් තත්වයන්ට මෙරට ඇද දැමා පාලකයන් නිහඩව සිටියත් මෙි අහිමිවෙමින් පවතින්නේ ඔබගේ ජිවිතය බව වටහා ගත යුතුව ඇතග එම නිසා මෙම තත්වය පරාජය කිරීමට එකාමෙන් නැගී සිටිම මෙි මොහොතේ කල යුතුය