මේ පාරත් අගමැතිව බේරුවේ සිරිසේන ජනාධිපති… වැනෙන්නේ නැතුව කඩුවෙන් කෙටුවා නම් අද වික්‍රමසිංහ උන්නැහේ ගෙදර….!

0

විශ්වාසභංගය බැලූ බැල්මට පරාජයක් ලෙස පෙනුනද එය ජයග්‍රහණය කිහිපයක ප්‍රසූතියක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරනවා.

ඊයේ (07) ත්‍රිකුණාමල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්න ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් බාර දුන්නා කතානායකට ගිහිල්ලා. අද කියනවා රනිල් ඒ ටික ඉල්ලා අස් කර ගන්න කියලා. ඇත්තටම රනිල් දිනලා නම් ඊයේ දීපු විශ්වාසභංග 6 අද ඇයි ආපහු අකුල ගන්නේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16ක් අපි පරදින බව දැන දැනම අත උස්සුවා විශ්වාසභංගයට පක්ෂව. ඒ 16 නෙමෙයි ඒ අය ඉදිරි දින කිහිපයේදි විපක්ෂයට ඇවිල්ලා වාඩි වෙන්නේ ඒ 16 දෙනා විතරක් නෙමෙයි කියන එක අපි වගකීමෙන් කියනවා. මේක බැලූ බැල්මට පරාජයක් නමුත් ජයග්‍රහණ රාශියක ප්‍රසූතියක් එක්ක. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න එක්සත් ජාතික පක්ෂයේ 26 ලෑස්තිවෙලා හිටියත් ජනාධිපති සිරිසේනගේ වැනෙන සුළු ප්‍රතිපත්තිය නිසා, විශ්වාසභංගයට ඉස්සල්ලා දවසේ රාත්‍රියේ එස් බී දිසානායකට ඒ 26 දෙනාට ගිහින් කියන්න වුණා. ඒ 26 දෙනා හිටියේ තැන් තුනක එස් බී දිසානායක ඇමතිතුමා ඒ තැන් තුනටම ගිහින් කිව්වා ජනාධිපති සිරිසේන එක ප්‍රතිපත්තික නැහැ විශ්වාසභංගය සම්බන්ධයෙන්. අපිට ගන්න බෑ අවධානම ඔය ගොල්ලොන්ගේ අපිට ගන්නවා තීරණය. ඔයගොල්ලෝ ඔය ගොල්ලන්ගේ තීරණය ගන්න කියලා. උන්නැහේ ගත්තා කඩුව ඒ කඩුව එක්ක කොටන තීරණය හරියට ගත්තා නම් අර 26ක් එක්ක වික්‍රමසිංහ ට අද වෙනකොට දේශපාලනයේ ඇපත් නැති වෙලා තියෙන්නේ. මේ පාරත් අගමැතිව බේර ගත්තේ ජනාධිපති සිරිසේන මහත්තයා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Wimal Weerawansa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here