අගමැතිට විරුද්ධ වූ 16 දෙනා ඉවත් කරන්න එජාපය ජනපතිගෙන් ඉල්ලයි…!

0

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයේදි ඡන්දය භාවිතා කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමති පිරිස ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් අකිල් විරාජ් කාරියවසම් පවසා සිටියා.

අද (08) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි ඒ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමෙන් පසුව අවශ්‍ය තීන්දු ලබා ගන්නා බව ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි.

“විශේෂයෙන්ම අපි එතුමාගෙන් ඉල්ලා සිටියා විශ්වාසභංගයට පක්sහව ඡන්දය දුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිස ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් එතුමා කිව්වා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව ඒ තීරණය ගන්නා බවයි.”

ඉදිරියේදි කැබිනට් සංශෝධනයයක් වෙනවාද?

“ජනාධිපතිතුමත්, අගමැතිතුමත් විශේෂයෙන්ම අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් කරන්න එකඟ වුණා.”

ඒ කියන්නේ අර 16 දෙනා අයින් කරයි නේද? 

“දන්නේ නෑ. අපිට ඕන නම් ඒක තමයි.”

ඒ පුරප්පාඩු ටික ඒ කියන්නේ ඉක්මණටම පිරවෙයි කියලා?

“අපි හිතන්නේ ඒ ටික ඉක්මණට පුරව ගන්න පුළුවන් වෙයි.”

Akila Viraj Kariyawasam