ආරුමුගම් තොණ්ඩමන්,විග්නේෂ්වරන්ගේ ගෙදර යයි…

0

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන්  හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක් ඊයේ (08) යාපනයේ පිහිටි විග්නේෂ්වරන්ගේ නිවසේදී පැවැත්විණි.

අවසන් වූ  පළාත් පාලන මැතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා රැසක බලය හිමිකර ගැනීම හා ඉදිරි දෙශපාලන කටයුතු සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බව ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය අංශය පැවසයි.

මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ ඌව හා මධ්‍යම පළාත් සභාවල අමාත්‍යවරුන් වන සෙන්දිල් තොණ්ඩමන් සහ එම්.රමේෂ්වරන් යන අයද සහභාගී වූහ.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here