අගමැති ජනපතිගේ කනෙන් රිංගලා……ජනපති බලය පුජා කරලා තියෙන්නේ නොදැනුවත්ව!

0

ජනාධිපතිට පවා නොදැනෙන ලෙස අගමැතිවරයා ශක්තිමත් වන ආකාරයේ ප්‍රතිපාදන 19 වන සංශෝධනය තුළ අන්තර්ගත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.

මීගමුව බන්ධනාගාරයේ රදවා ඇති සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රිලනීප මැති ඇමතිවරුන් කියනවා එ ගොල්ලන්ට අගමැතිවරයා එක්ක කටයුතු කරන්න බෑ කියලා? ඔබතුමාලා කියන්නේ නැද්ද ඒ අයට මේ පැත්තට එන්න කියලා?

“නෑ එයාලා දැනටම කියලා තියනවා නේ. රජය එක්ක වැඩ කරන්න බෑ එයාලා අයින් වෙනවා කියලා.”

අගමැතිතුමාට මේ තරම් බලතල තියනවා කියලා දැන ගත්තෙත් මේ විශ්වාසභංගයෙන් පස්සේ?

“19 වෙනි වගන්තිය කියවලා ජනාධිපතිවරයා තීරණය කරන්න ඕන තමාගේ බලතල අඩුවෙනවා නේද කියලා. එයා කියවන්නේ නැට්නම් නීතිඥවරුන් හරහා හරි ඒක කියවලා දැන ගන්න ඕනනේ. ඉතින් එතුමා එතුමාගේ බලය පූජා කරලා තියනවා අගමැතිවරයට, දැනුවත් හෝ නොදැනුවතම. මම හිතන්නේ නොදැනුවත්ම.”

ඔබතුමාලා දැන ගෙන හිටියද ජනාධිපතිවරයාගේ බලතල මේ විදියට කප්පාදු වෙනවා කියලා?

“ඔව් ජනාධිපතිවරයා කැමතිනම් එයාගේ බලය කප්පාදු කරන්න ඒකට ඉඩ දෙන්න ඕන. ඉතින් aඅගමැතිවරයාට ඔන විදියට අගමැතිවරයා නටවන්න පුළුවන්කමක් හදාගෙන.”

ඒ කියන්නේ හොරෙන් කනෙක් රිංගලා ගිහින් තියනවා අගමැතිවරයා ඔක්කෝමගේම කනෙන්?

“ඒක බොහෝම පැහැදිළියි නේ.”

Mahinda Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here