ආණ්ඩුවේ තැටිය රත් වෙලා තියෙන්නේ….දැන් වැඩ කරන එක නවත්වන්න බෑ…!

0

විශ්වාසභංගය සමග ආණ්ඩුවේ තැටිය රත් වූ බවත් එම නිසා ආණ්ඩුව වැඩ කිරීමට පටන් ගත් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරනවා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන් පවර් සේවකයන් 452කට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව මීට පෙර ඉදිරිපත් කළේ නම් ආණ්ඩුව ක්‍රියාශීලීව වැඩ කරන බවත් පවසා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පසුගිය ආණ්ඩුවේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ආණ්ඩුව පිළිබඳ ගැටලු මතුවුණා. අපි කාලය පැමිණෙන තුරු ඉඳලා වැඩේ දුන්නා. ජනතාවට අමාරු වෙනකන් ඉඳලා තමයි අපි ආණ්ඩුවට පෙරළා දැමීමට තීරණය කළේ. රහස් ඔත්තු සේවා තිබුණත් ඔවුන්ටත් සොයා ගන්න බැරි වුණා. ආණ්ඩුව පෙරළා දමමින් අපි නව නායකයෙක් පත් කරන්න නෙවෙයි හැදුවේ. රට හදන්න. යුතුකම් ඉෂ්ට කළ යුතුයි. විශාල වෙනසක් සිදුකරලා තියෙනවා.”

“ඒ වගේම තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන් පවර් සේවකයන්ගේ ගැටලු අවසන් වනතුරු සහයෝගය ලබාදෙනවා. මෙය හොඳ පියවරක්. අදියරෙන් අදියර මෙම සේවකයන්ගේ ගැටලු විසඳිය යුතුයි. ඔවුන්ගේ අයිතිය ලබාදිය යුතුයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලික ආයතනයක් වුවත් රජයට බරක් නැතුව කටයුතු කරනවා.”

“ඒ වගේම තමයි නවීන තාක්ෂණය ඉදිරියට ගෙන යා යුතුයි. සන්නිවේදනයත් සමඟ රට දියුණු කළ යුතුයි. මෑන් පවර් සේවකයන් තවත් 1000ක් විතර ඉන්නවා. ඔවුන්ගේ සේවය ස්ථිර කළ යුතුයි. සභාපතිවරයා ළඟ තිබෙන කඩුව සාධාරණ විදියට භාවිත කරන්න කියලා මම ඉල්ලනවා. එවිට ඔක්කොම ප්‍රශ්න විසඳෙයි.”

“දේශප්‍රේමය ගැන දැන් කතා කරනවා. ඒ කාලේ දේශප්‍රේමයට වඩා මුදල් ප්‍රේමය වැඩි වුණා. සේවක ශ්‍රමය සූරාගෙන කෑවා. මමත් වෘත්තීය සමිති නායකයෙක් තවත් අතකින් දේශපාලනඥයෙක්. කොන්ත්‍රාත් ක්‍රමයට සේවකයන් බඳවා ගැනීම ආරම්භ කළේ ලංකා බැංකුව. එම සේවකයන් ස්ථිර කිරීමේ වැඩ පිළිවෙළටත් මම දායක වුණා. ඒ සේවකයන් ස්ථිර කළේ අරගලයකින් පස්සේ. ටෙලිකොම් මෑන් පවර් සේවකයන් අරගලයකින් තමයි ජයග්‍රහණය ලබාගත්තේ.”

Rajitha Senaratne

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here