දුමින්දයි, අමරවීරයි පාවලා දුන්න ශ්‍රිලංනීප 16 වෙනුවෙන් ඒකාබද්ධය පෙනි සිටිනවා…..!

0

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පක්ෂව ඡන්දය ලබා දීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර මහලේකම්වරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පවසනවා.

පසුගිය පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර ගත්තා.

“විශ්වාසභංග යෝජනාවේදි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පක්ෂපාති වන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යම් කණ්ඩායමක් මෙහෙයවූයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක කිව්වා විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන්න කියලා. හැබැයි එහෙම නියෝහයක් තිබියදීත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටසක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නා. ඒනිසා දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රනිල් හිතවාදීන් හා එක්සත් ජාතික පක්ෂය හිතනවා නම් ඒකාබද්ධ විපක්ෂයට පක්ෂ වූ පිරිසට පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනාට යම් බලපෑමක් කරන්න අපි ඔවුන් වෙනුවෙන් පෙනි සිටිනවා,” මන්ත්‍රීවරයා පවසා සිටියා.