අද කැබිනට් රැස්වීම ශ්‍රිලංනීපය වර්ජනය කරයි…..ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට යෝජනාවක්!

0

අද උදෑසන පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකත්වයෙන් රැස්වූ එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට අපහාස කිරීම් වලට විරෝධය පළ කිරීමක් ලෙස කැබිනට් මණ්ඩල ඇස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ට අමතරව පක්‍ෂයේ සෙසු කැබිනට් ඇමතිවරුන්ද කැබිනට් රැස්වීමට සහභාගි නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවේ සිටිනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා තෙක් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බවත් වාර්තා වෙනවා.

මේ අතර ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැවීමේදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට අනුර ප්‍රියදර්ශන යාපා විසින් කරන ලද යෝජනාව එස් බී දිසානායක විසින් ස්ථීර කරනු ලැබ තිබෙන අතරම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් 16 දෙනා සකස් කළ වාර්තාවක් ද මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇතැයිද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here