තනි එජාප ආණ්ඩුවක් හදන්නේ නෑ…..විරුද්ධව ඡන්දය දීපු අයව එළවලා…ඡන්දය නොදුන් පිරිස ලං කර ගන්නවා….!

0

අගමැතිවරයාට පක්ෂව ඡන්දය ලබා දිම ප්‍රතිකේෂ්ප කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් තවදුරටත් ආණ්ඩුව තුළ රැදී සිටිමට සුදුසුකම් නොලබන බව අමාත්‍ය ලක්ෂ්මණ් කිරිඇල්ල පවසානවා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එසේම මෙහිදි අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව අදහස් පළ කළා.

“ඇත්තටම ප්‍රතිසංවිධාන කටයුතු සියළු දෙනාගේ එකඟතාවයෙන් තමයි සිද්ධ වුණේ. අපි කවුරුත් විරුද්ධ වුණේ නෑ. අපි එදා පැය 7 ක් සාකච්ඡා කළා. එහෙම සාකච්ඡා කරලා සියළු දෙනාගේ එකඟතාවයෙන් යුතුව තමයි එම තීරණ ගත්තේ.”

ශ්‍රිලංනීපයේ 16 දෙනෙක් විශ්වාසභංගයට සහය දුන්නා. මේ ගොල්ලෝ ආණ්ඩුවෙන් ඉවත් කරන්න කියලා ඉල්ලීම්  එනවා.

“නෑ ඒ අය එක්ක අපේ පෞද්ගලික කිසි තරහක් නෑ. ඒ අය අපේ මිත්‍රයෝ. නමුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ආණ්ඩුවත් එක්ක ඉන්න ඕන. ආණ්ඩුවෙන් පත් වෙච්ච අගමැතිට විරුද්ධ වුණා කියන්නේ ආණ්ඩුවේ ඉන්න සදාචාර සම්පන්න අයිතියක් නෑ.”

මේ හදන්නේ තනිකරම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න ද?

“නෑ නෑ එහෙම එකක් නෑ. අපි ජනාධිපතිතුමා හමුවෙලා පැහැදිළිව කිව්වේ ඡන්දය දීමෙන් වැළකි සිටි කට්ටිය එක්ක අපි අලුත් ගමනක් ආරම්භ කරලා ඉදිරියට යමු කියලා.”

රාජපක්ෂ රෙජීමයක් තියනවා කියලා ඔබතුමලා කිව්වානේ ඒ කාලයේ. දැන් තියෙන්නේ රෝයල් රෙජීමයක්නේ?

“ඒවා නම් සිල්ලර ප්‍රශ්න. අගමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි ජනවරමක් ලැබුණා. ඒකෙන් කියැවුණේ මෛත්‍රීපාල සීරිසේන ජනාධිපති හා අගමැති රනිල් වික්‍රමසිංහ කියලා කිව්වා. එහෙම ජනවරමක් තමයි අපිට ලැබුණේ.”