සිරිකොත පිළිකන්නේ රනිල්ගේ ඉඳුල් කටු ලෙවකන ශ්‍රිලංනීපේ සෙට් එකට රෙද්දක් ඇඳගෙන රනිල්ට එරෙහිව ඡන්දය දෙන්න බෑනේ…..හැංගෙන එක අරුමයක් නෙමෙයි!

0

සිරිකොතේ පිළිකන්නට වී රනිල්ගේ ඇමැති කටු ලොවමින් සිටින ඇමැතිවරුන් විශ්වාසභංගයට ඡන්දය නොදී ඇඳන් යට රිංගා සැඟවී සිටීම එතරම් පුදුම වන්නට දෙයක් නොව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් රනිල්ගේ උදහසට ලක්වෙතැයි බියෙන් මොවුන් ඇඳන් යට රිංගා සැඟවුණු බව පැවසූ රණතුංග මන්ත්‍රිවරයා රනිල්ගේ උදහසට ලක් නොවී මීළඟ වතාවේ එක්සත් ජාතික පක්ෂයෙන් හෝ පාර්ලිමේන්තුවට රිංගා ගැනීම එම පිරිසේ එකම අරමුණ බවත් පවසා සිටියා.

ඔහු මෙසේ ප්‍රකාශ කළේ කළේ මිනුවන්ගොඩ ආසනයේ පක්ෂ ක්‍රියාකාරින් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (10) පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“සමහරු අපෙන් අහනවා විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ ඇයි කියලා. අපි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ පරදින්න නෙමෙයි. මේක දිනන්න තිබුණු විශ්වාෂභංගයක්. බුලත් කොළෙන් පාර්ලිමේන්තු ආපු මන්ත්රිනවරුන් 96 දෙනා එකට හිටියා නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්  කිහිපදෙනකුගේ සහයෝගයත් අරගෙන මේ විශ්වාසභංග යොජනාව දිනන්න අපට පුළුවන්කම තිබුණා.”

“හැබැයි ඒකාබද්ධ විපක්ෂය මේ විශ්වාසභංග යෝජනාව ජයග්රනහණය කරනවාට නිදහස් පක්ෂයේම සමහර පිරිස් කැමැති වුණේ නැහැ. සිරිකොතේ ලැ‍ගගෙන රනිල්ගේ කටු ලෙවකන ඒ පිරිස අන්තිම මොහොතෙදි රනිල්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණා. එතැනින් කොන්ද පණ තිබුණු ඇමැතිවරුන් 16 දෙනෙක් අපිත් එක්ක විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරා.”

“හැබැයි තමන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රසිද්ධියේ කියන්නවත් කොන්දක් නැති නිවටයෝ රැලක් ‍කාගෙද ගෙදර හැංගිලා ඡන්දෙ ඉවරවෙනකම් හිටියා. දැන් විරයෝ වගේ කියනවා විශ්වාසභංගයට ඡන්දය දුන්නේ නැත්තේ වැඩක් නැහැ කියලා දන්න නිසාලු. ඒක නෙමේ ඇත්ත. මේ අය ඡන්දය නොදුන්නේ රනිල් පරදිනවාට තියන බයටයි. මේ අයගේ අනාගතය රැඳිලා තියෙන්නේ රනිල්ගේ අතෙයි.”

Prasanna Ranatunga