එජාප එක්ක ආණ්ඩු කරන්න බෑ….ජනාධිපතිතුමත් කිව්වේ විපක්ෂයේ ඉන්න එක හොඳයි කියලා…!

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ හදහන් දෙක කිසිදින නොගැලෙපෙන බව ශ්‍රිලංනීප මධ්‍යම කාරක සභාවේ බහුතරයේ අදහස වූ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කරනවා.

ඊයේ (09) ශ්‍රිලංනීප මධ්‍යම කාරක සභාව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“බහුතරයකගේ අදහස වෙලා තිබුණේ තවදුරටත් ආණ්ඩුවේ එකට අසුන් ගතහොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අවාසියක් වෙයි කියන එකයි. කිව්වේ මේ හදහන් දෙක කොහොමත් ගැලපෙන්නේ නෑ කියලා. එහිදි ජනාධිපතිවරයාත් කිව්වේ ආණ්ඩුවේ ඉන්නවාට වඩා හොඳයි විපක්ෂයේ ඉන්න එක කියලා. එහෙත් එතුමා කිව්වා පක්ෂය බෙදෙන්නේ නැතුව එක මතයක හිටියොත් හොඳයි කියලා. පක්ෂය බෙදන්නේ නැතුව. ජනාධිපතිතුමාම යෝජනා කළා මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර ඉදිරියේදි තීරණයක් ගන්න තව දින කිහිපයකින් තවත් මධ්‍යම කාරක සභාවක් කැඳවනවා කියලා.”

මහලේකම්වරු දෙදෙනා හා හිටපු ජනාධිපතිනිය මේකට විරුද්ධ වුණාද?

“සන්ධාන මහලේකම්වරයා කිව්වා කණ්ඩායමේ මතය සමග එකඟ වෙනවා කියලා. දුමින්ද දිසානායක මතයක් ප්‍රකාශ කළේ නෑ. හිටපු ජනාධිපතිනිය හැසිරෙන විදිය පාක්ෂිකයෝ දන්නවා. අපි කියන්නේ නෑ අපි ආණ්ඩුව අත අරිනවා කියලා. අපි කියන්නේ අපි එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු කරන්නේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here