2015 දින්නේ සිරිසේන නිසා නෙමෙයි….එදා කවුරු දැම්මත් දිනනවා….මධ්‍යම කාරක සභාවේ දි චන්ද්‍රිකාගෙන් සිරිසේනට වාග් ප්‍රහාරයක්!

0

2015 ජනාධිපතිවරණය පැවති පරිසරය තුළ කවුරුන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූවද ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග පෙරේදා (09) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දි පවසා තිබෙනවා.

යහපාලන ආණ්ඩුව පිහිටුවීමට සියලු දෙනාම එකතුවී යාන්ත්‍රණය ඇති කළ බවයි ඇය වැඩිදුරටත් පවසා තිබෙන්නේ. හිටපු ජනාධිපතිනිය මේ බව පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා තමා තනි කරන්නේවත් ඔවුන් විසි කරන්නේවත් නැතැයි ජනාධිපතිවරයා පැවසු ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

අනතුරුව ඇය සභාවෙන් පිටව ගොස් තිබේ. පසුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ අවස්ථාවේ චන්ද්‍රිකා මැතිනිය සභාවේ හිටියා නම් හොදා. නමුත් එතුමිය කළ ඒ ප්‍රකාශය මම පිළිගන්නේ නෑ. මම ජීවිතය පරදුවට තියලයි ජනාධිපතිවරණයට අත ගැහුවේ. ඔය කියන ව්‍යාපෘතිවලට ඡන්දය දුන්නේ නෑ. එහෙනම් ඒ යාන්ත්‍රණය නැත්නම් ව්‍යාපාරය යටතේ යූඑන්පී කෙනකු දාගන්න තිබුණානේ”

පසුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 40 දෙනාම එකට සිටීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිවන්තව ගොඩනඟමින් ඉදිරියට ගෙන යෑම සඳහා පක්ෂයේ සභාපති තනතුර ඕනෑම අවස්ථාවක භාරදීමට තමා සූදානම් බවත් සඳහන් කළඅතරම යූඑන්පීයට බුද්ධිය පහළ වෙන්නට බුද්ධිමත්ව කල්පනා කරන්න දින දෙකක් කල් දෙන බව පවසා මධ්‍යම කාරක සභාව කල් දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here