කැබිනට් සංශෝධනයක් නොව 14 ට පෙර නව කැබිනට් මණ්ඩලයක් ම දිවුරුම් දෙනවා!

0

එළඹෙන අප්‍රේල් 14 වෙනිදාට පෙර කැබිනට් සංශෝධනයයක් නොව නව අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම් දීමක් බව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පවසා සිටිය.

අද(11) පැවති කැබිනට් තීරණ හැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සියලූ ඇමැතිවරුන්ගේ තනතුරු මෙහිදී වෙනස් නොවුණත් පැවරී ඇති විෂයන් ගැළපෙන ආකාරයෙන් විද්‍යාත්මක බෙදීමක් සිදුවනු ඇති බවයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත්, එම පක්‍ෂය ගන්නා තීන්දුව අනුව ඇමැතිධූර ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළා.

විශ්වාසභංගයේ දී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය භාවිතා කළ අය ආණ්ඩුවේ නොසිටිය යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ අදහස වී ඇතැයි කී රාජිත සේනාරත්න මහතා එම 16 දෙනා අතර සිටින කැබිනට් ඇමැතිවරුන් 6 දෙනා ඉවත් වුවහොත් ඔවුන්ගේ විෂයන් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප නියෝජිතයන්ට ලබාදීමට සිදුවනු ඇතැයි ඔහු සඳහන් කළා.

ජාතික ආණ්ඩුව ඉදිරියට යන බැවින් අමාත්‍යධූර සංඛ්‍යාවේ වෙනසක් නොවන බවත් අමාත්‍ය සේනාරත්න සඳහන් කර සිටියා.