තලවාකැලේ ලිදුල නගර සභාවට ලක්ෂ 37 බදු මුදල් අය වෙලා නෑ……!

0

ගතවු වසර දෙකහාමාරක පමණ කාලයක් පළාත් පාලන ආයතනවල නිසි පාලන බලයක් නොමැතිකම හේතුවෙන් තලවාකැලේ ලිදුල නගර සභාවට පමණක් ලක්‍ෂ තිස්හතක බදුමුදල් අයවි නොමැති බව තලවාකැලේ ලිදුල නගර සභාපති අශෝක සේපාල අවධාරණය කරනවා.

ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සිය සභාවේ විගණන නිලධාරින් සමග පැවති සාකච්ඡා වලදි මෙලෙස බදු මුදල් අයවී නොමැති බව තහවුරු වූ බවයි.

ගතවු වසර දෙකහාමාරක කාලය තුල විශේෂ කොමසාරිස්වරයාට පළාත් පාලන ආයතන වල කාර්ය භාර රැසක් චක‍්‍ර ලේඛනවලට අනුකුලව සිදුකිරිමට බැදි සිටි නිසා මෙම මුදල් අයකිරිම ප‍්‍රමාදවි ඇති බවයි සභාපතිවරයා පවසා සිටියේ.

තවද තම සභාව තුල විශාල වශයෙන් නිළධාරින්ගේ අඩුවක් හා සෞඛය අංශයේ කමිකරුවන්ගේද අඩුවක් පවතින බවත් එම සියලූම ගැටලූ කඩිනමින් විසදිම සදහා තම සභාවේ සියලූම නාගරික මන්ති‍්‍රවරුන්ගේ හා නිළධාරින්ගේ සහයෝගය මත සිදුකරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම තත්ත්වය මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන හතලිස් හතරකම පවතින බවත් සභාපතිවරයා කියා සිටියා. මෙම මුල්‍ය අර්බුධයට වත්මන්  රජය වගකිවයුතු බවයි සභාපතිවරයා කියා සිටියේ.