ජනතාව එපා කියලා ගෙදර යවලත් හොර පාරෙන් ඇමතිකම් ගත්ත අය ඇමතිකම් දෙයිද…..? මේක රඟපෑමක්!

0

ජනතාව පරාජය කොට ගෙදර යැවූ දේශපාලකයින් නැවත ගෙන්වා ජනාධිපතිවරයා හා අගමැතිවරයා අමාත්‍යධූර ලබා දුන් අවත් එවන් අමාත්‍යවරුන් පිරිසක් සිය අමාත්‍යධූර අතහැරීම රඟපෑමක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානායක පවසනවා.

ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපේ රජයට තියන චෝදනාව තමයි හොරු අල්ලන්න පමා වුණා කියලා. ඒකට තමයි මේ ස්වාධින අධිකරණ ගේන නීතිය සම්මත කර ගන්න උත්සහ කරන්නේ. ඒකට විරුද්ධ වෙන්නේ හොරු. එතකොට හොරු කවුද කියලා ජනතාවට තේරෙනවා ඇති.”

යහපාලනයට අහය නොදුන් ඇමතිවරු ගැන මොකද හිතෙන්නේ?

“මේක වුණේ දූෂිත ඇමතිවරුන්ට ඇමතිධූර දුන්න නිසා. ඒ ගොල්ලෝ එදා ඉඳලම කළේ අපේ ආණ්ඩුවට ඇවිල්ලා කකුල්ව් ලින් අදින එක. ඒ කියන්නේ ජනතාව ප්‍රතිකේෂ්ප කරපු අය ආපහු ගන්න එක කොච්චර වැරදිද? වැරදි වැඩක් ජනාධිපතිතුමා කළේ.”

නව කැබිනට් මණ්ඩලයට ඔබ හිතනවා ද ඒ වගේ දුෂණ චෝදනා එල්ල වූ කණ්ඩායම් එන එකක් නෑ කියලා?

“මම හිතන්නේ නෑ ඒ අයට ලැජ්ජාවක් තියනවා කියලා. දැන් ඒ අය පිටපත් ලියලා ඉවරයි. ඒ ගොල්ලෝ බාර දෙනවා ලියුම අපි ආයේ ඇමතිධූර බාර ගන්නේ නෑ කියලා. එතකොට ජනාධිපතිතුමා කියනවා.’අපෝ මට මේක භාර ගන්න බෑ, මේ ප්‍රතිකේෂ්ප කරනවා කියලා.’ එතකොට මුන් ආයේ එනවා කැබිනට් එකට. ඒක තමයි මේ කාලේ වෙන්නේ. ජනතාව මේ අය පරද්දලා ගෙදර යැව්වා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා තමයි මේ අයට කැබිනට් ඇමතිධූර දීලා තියෙන්නේ.”

Ranjan Ramanayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here