ශ්‍රිලංනීපයේ 16ක් ඇමතිකමෙන් ඉවත් වේ…විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කරයි….UNPයට තවත් කඩේ යන්නේ නෑ…!

0

විශ්වාසභංගයේදි අගමැතිවරයාට එරෙහිව සිය ඡන්දය භාවිත කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනා සිය අමාත්‍යධූර වලින් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම අමාත්‍ය කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති අතර එම තීරණයට ජනාධිපතිවරයා විසින් අවසර ලබා දී තිබෙනවා.

“අතිගරු ජනාධිපතිතුමා අපේ ඉල්ලා අස්වීම් බාර ගත්තා. ඒ අනුව අද (11) සිට අපි සියළුම කැබිනට් ඇමතිධූර වලින්, රාජ්‍ය ඇමතිධූර වලින් හා නියෝජ්‍ය අමාත්‍යධූර වලින් ඉවත් වෙනවා. අපි පැහැදිළිවම විපක්ෂයේ අසුන් ගන්නවා. ආණ්ඩුව සමඟ ඉන්න පිරිස ඉතින් වැඩ කරන්නේ යූ එන් පීයට ඕන විදියටනේ. ඒ ගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයට ඕන විදියට වැඩ කරගෙන යයි.” ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කර සිටියා.

එහිදි මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තිබේද යන්නයි? එයට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා….

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් තියන නිසානේ කොටසක් අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන්නේ. තව කට්ටියක් අගමැතිතුමාට කඩේ ගියේ.”