යන එන මං නැති ජනතාවට අලුත් අවුරුද්දේ මැතිවරණයක්…..!

0

ශ්‍රීලනිපය දෙකඩ වීම වළක්වා ගැනීමට නම් ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වීම අත්‍යවශ්‍ය බවත් 2019 පෙර මහ මැතිවරණයක් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් මෙහෙයුමක් දියත් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන සඳහන් කරනවා.

මෛත්‍රී – රනිල් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වා ගෙන යාමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවත් මෙහෙයුම සඳහා ශ්‍රීලනිප, ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසයේ සහයද ලබා ගැනීමේ සාකච්ඡා ආරම්භ කර ඇති බවද එසේම එජාපයේ රනිල් විරෝධී කණ්ඩායමේ සහය මෙවර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවට ලැබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

එජාපයේ ඇති වී ඇති අභ්‍යන්තර අර්බුදය සමග ඔවුන්ටද තනි ආණ්ඩුවක් පවත්වා ගෙන යෑමේදී ගැටලු සහගත තත්ත්වයක් මතුවන බැවින් රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීමට ඇති එකම විකල්පය පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Dinesh Gunawardena

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here