රට ආර්ථික අගාධායට ගෙනියන මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වහාම ඉවත් කළ යුතුයි!

0

ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ එම අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන වහාම එම තනතුරුවලින් ඉවත් කළ යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ පවසා සිටියා.

පසුගිය දා කොළඹ දි පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ අමාත්‍යවරයා විසින් අත්සන් කර ඇති සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් දේශීය නිෂ්පාදකයා වළපල්ලට යවන බවයි.

ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ ප්‍රධානත්වයෙන් අස්සන් කරන ලද   පවසයි.

“එම භාණ්ඩවලින් 99%ක්ම සිංගප්පූරුවේ ආනයනික බදුවලින් නිදහස් කළ භාණ්ඩ. එවැනි භාණ්ඩ ලැයිස්තුවක් අපේ රටට ලබාදී අපිව මුළාවට පත් කොට තිබෙනවා. සිංගප්පූරුව හරහා මෙරටට එන භාණ්ඩ ප්‍රමාණය වැඩි වීමෙන් දේශීය නිෂ්පාදකයා අගාධයට යනවා.මෙම ගිවිසුම හරහා සේවා වෘත්තිකයන්ටද අපේ රටට පැමිණිය හැකි බැවින් එය ශ්‍රී ලංකාවට ඉතා අවාසිදායක තත්ත්වයක්.ඉන්දියාව, චීනය, සිංගප්පූරුව වැනි රටවල් වැඩිම වෙළෙඳ පරතරයක් ඇති රටවල්. ඒ නිසා එම රටවල් සමඟ ගිවිසුම් අස්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ධන වෙළෙඳ පරතරයක් නැති නිසා එම ගිවිසුම්වලින් සිදුවන්නේ ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අගාධයකට යෑමක්. එහිදී මෙරට සංචිත පහළ ගොස් රුපියල අවප්‍රමාණ වීම ඉහළ යනවා. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන වහාම එම තනතුරුවලින් ඉවත් කළ යුතුයි. ශ්‍රී ලංකාව නියෝජනය කරන එට්කා සාකච්ඡා කණ්ඩායම වහාම විසුරුවා හැරිය යුතු බවට ඉල්ලමින් පසුගිය 02දා අපේ සංසදය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ අමාත්‍යාංශ ප්‍රතිසංවිධානය කිරීම මිස පක්ෂ ප්‍රතිසංවිධානයක් නොවේ.”

“ඒ වගේම තමයි ජනාධිපතිවරයා මේ ගිවිසුමේ බරපතළකම නොදැන මේකට ඉඩ දීලා තියෙන්නේ කියලා අපිට හිතෙනවා. ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා රටේ දේශීය ආර්ථිකය රැකගන්න ඕනි කියලා. එහෙම කියපු කෙනා මේ ගිවිසුම්වලට කැමැති වෙයි කියලා අපිට හිතන්න බැහැ. කැබිනට් මණ්ඩල අනුමැතිය පවා මේකට හිමිවෙලා තියෙනවා. අපි හිතන්නේ මෙතැනදී ජනාධිපතිවරයාව නොමඟ යවලා මලික් සමරවික්‍රම ඇමැතිවරයා මේ සියල්ලම කරලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා මේකට සම්බන්ධ වෙලා වහාම පියවරක් නොගත්තොත් ජනාධිපතිවරයාට ප්‍රබල අර්බුදයකට ඉදිරියේදී මුහුණ දෙන්න සිදු වෙනවා.”

“මලික් සමරවික්‍රමට දේශපාලනය කරන්න තියෙන සුදුසුකම මොකක්ද කියලා බැලුවොත් එතුමා වැඩිදුර අධ්‍යාපනය ලබපු කෙනෙක් නෙවෙයි. පාසල් අධ්‍යාපනය පමණයි ඔහුට තියෙන්නේ. මෙතුමා මහජන ඡන්දයෙන් පත්වුණු කෙනෙකුත් නෙවෙයි. ජාතික ලැයිස්තුවෙන් පත්වුණේ. ඒ නිසා ඔහු ඉවත් කිරීමේ කිසිම බාධාවක් නැහැ. නමුත් එතුමාට තියෙන එකම සුදුසුකම තමයි අගමැතිවරයාගේ ඉස්කෝලේ කාලෙ ඉඳලාම සහකරු වීම.මේ රටේ ඉරණම තීරණය වෙන්නේ මේ එක එක්කෙනාගේ සහකරු වීම මත නම් අනාගත පරපුරේ ඉරණම අවාසනාවන්තයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කළා.