ජාතික ආණ්ඩුව ගැන කල් මරන්න ශ්‍රිලංනීපයෙන් කමිටුවක්….රටේ ජනතා හඬ තේරෙන්නේ නැත්නම් ශ්‍රිලංනීපයත් වල පල්ලට!

1

පසුගිය වසර තුන පුරා ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයක් ලෙස කටයුතු කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකු සිය අමාත්‍යධූර වලින් ඉවත් වී ඇති මොහොතක ඉදිරි කාලය සඳහා ජාතික ආණ්ඩුවේ කටයුතු කළ යුතු ආකාරය සොයා බලා ගිවිසුමකට එළඹීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ කමිටුවක් පත් කොට තිබෙනවා.

අමාත්‍ය සරත් අමුණුගම එම කමිටුවේ ප්‍රධානත්වය දරන අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා මහලේකම් මහින්ද අමරවීර, මහින්ද සමරවීර හා රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුන් සාමාජිකයන් ලෙස පත් කොට තිබෙනවා.

කෙසේවෙතත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ ඉවත් කොට නව රජයක් පිහිටුවන ලෙස මුළු රටම බල කරමින් සිටින මොහොතක ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එම අවශ්‍යතාවය නොසලකා හැරීම එම පක්ෂයේ අනාගතය අඳුරු කරන බවයි.

“කමිටුවක් පත් කරන එකේ කිසි වරදක් නෑ. මොකද ඒ කමිටුව උනත් සාකච්ඡා කළ යුතුයි, රටේ ජනතාව එක හඩින් කියන්නේ රනිල්  වික්‍රමසිංහ එළවන්න. රනිල් වික්‍රමසිංහ ඉන්න රජය පෙරලන්න. එවන් හඬක් මුළු රටේම තියෙද්දි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එම හඬට ඇහුම් කන් නොදෙනවා නම් එය පක්ෂයේ අදුරු කාලයක් විදියටයි මම දකින්නේ. අපි විපක්ෂයේ අසුන් ගෙන විපක්ෂයේ කාර්ය භාරය ඉෂ්ට කරනවා, මේ රටේ ජනතාව බලාපොරොත්තු වන ජනතාවාදි රජයක් පිහිටුවන තෙක්,” ඔහු මෙහිදි සඳහන් කර සිටියා.

1 COMMENT

Comments are closed.