එන්න එන්න රටට අසාධ්‍ය වෙනවා….දේශපාලනය දැන් අඤ්ඤොකොරොස් වෙලා තියෙන්නේ…මෛත්‍රීට, රනිල්ට, මහින්දට බෑ

0

විශ්වාසභංගය සමඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වය මෛත්‍රීපාර්ශවය දැඩි අර්බුදයකට ලක් වී ඇති බවත් රට දේශපාලන අස්ථාවරත්වය බවක් නිර්මාණය වී එති බවත් ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පවසනවා.

බදුල්ල හාලි ඇල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මැතිවරණයෙන් පෙන්නපු හපන්කම් ඔක්කෝම ලොස්ට් වුණා. ඔක්කෝම දොස් වුණා. ඒ නිසා විශ්වාසභංගය සමග අද මහින්ද පාර්ශවය, මෛත්‍රි පාර්ශවය ඔක්කෝම අර්බුදයට ලක් වෙලා තියෙන්නේ. ලංකාවේ දේශපාලනය දැන් අඤ්ඤොකොරොස් වෙලා තියෙන්නේ. මේ දේශපාලනය දැන් ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ. දැන් රට ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒක රටේ මහ ආණ්ඩුව ගත්තත් එකයි. අපේ පළාත් සභාව ගත්තත් එකයි. අපේ මහ ඇමති ඒ කාලේ අධ්‍යාපන ඇමති විදුහල්පතිනියක් දණ ගැස්සුවා. එතුමාට කිසි දෙයක් වුණේ. විශ්වාසභංගයක් ගෙනාවා ඒකත් භංග වෙලාම ගියා. දැන් ආයිමත් එතුමාට අධ්‍යාපන ඇමතිකම් දීලා තියෙන්නේ. දැන් මම අහනන්නේ මේකද යහපාලනය. කෝ කඩුව, කඩුව මොට වෙලාද? නැත්නම් කඩුව තාම කොපුවේද? මේ පාලනයෙන් මහජන බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නෑ. ඉස්සරහට යන්න බෑ. දැන් අරාජිකත්වයක් රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. එන්න එන්න රටට අසාධ්‍ය වෙනවා. ආර්ථිකය බොහෝම අසාධ්‍ය තත්ත්වයයේ තියෙන්නේ. අපේ රටේ සංස්කෘතිය, සදාචාරය බොහෝම අසාධ්‍ය තත්ත්වයේ තියෙන්නේ. දැන් දැඩි සත්කාර ඒකකයට දාලා ප්‍රතිකාර කරන්න ඕන. දැන් මෛත්‍රීපාලලට, රනිල් වික්‍රමසිංහලට, මහින්ද රාජපක්ෂලාට ඒක කරන්න බෑ,”  මන්ත්‍රීවරයා සඳහන් කළා.