පුත්තලම රෝහලේ හෙදි හෙදියන් හෙට සිට වර්ජනයේ…..!

0

පුත්තලම දිස්ත්‍රික්කයේ හෙද හෙදියන් 15 දෙනෙකුගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විරුද්ධ වීම සමඟ හෙද හෙදියන් හෙට (18) වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව සමස්ථ ලංකා හෙද සංගමයේ වැඩ අලන සභාපති එස් බි මැදිවත්ත පවසනවා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ උද්ගතව ඇති අර්බුදයේ වගකීම මධ්‍යම රජයේත්, වයඹ පළාතෙත් සෞඛ්‍ය බලධාරින් බාරගත යුතු බවයි.

එම නිවේදනය,

2018. 04. 17

ජනමාධ්‍ය නිවේදනයයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ විරෝධයෙන් පුත්තලම රෝහලේ හෙද ස්ථාන මාරු නවතී. හෙද හෙදියන් 18 දින සිට වර්ජනයේ

තම දරුවන්ට වැළඳී ඇති බරපතල රෝගාබාධ, පෞද්ගලික ජීවිත වල මතුවී තිබෙන අතිශය මානුෂිය ගැටළුන්ද සමගින් දීර්ඝ කාලයක් පුත්තලම රෝහලේ සේවය කළ හෙද නිලධාරින් පිරිසකගෙන් හෙදියන් 15 දෙනෙකු සඳහා වයඹ පළාත් සෞඛ්‍ය ලේකම් විසින් ද අනුමත කර තිබෙන ස්ථාන මාරු කි‍්‍රයාත්මක කිරීමට යාමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එයට විරෝධය පලකර ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විසින් දැනුම් දීමත් සමග පුත්තලම රෝහල තුල මේ වනවිට අර්බුදයක් මතුව ඇත.

පසුගිය කාලය මුළුල්ලේම පුත්තලම රෝහලේ මෙම ස්ථාන මාරු ගැටලූව විසඳා  ගැනීම සඳහා රෝහලේ හෙද හෙදියන් සහ සමස්ත ලංකා හෙද සංගමය පළාතේ සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡුා ගණනාවක් පවත්වන ලදී. 2018/03/26 දින පැවති සාකච්ඡුාවේදී හෙදියන් 15 දෙනා මුහුණපා තිබෙන ගැටලූ වල ඛේදනීය බව තවදුරටත් තේරුම් ගත් වයඹ පළාත් සෞඛ්‍ය ලේකම්වරයා මධ්‍යම රජයේ සෞඛ්‍ය ලේකම් සමග සාකච්ඡා කර ඇති කර ගත් එකඟතාවය මත පුත්තලම රෝහලේ හෙදි නිලධාරින් 15 දෙනාට ඒ වනවිටත් අනුමත කර තිබූ ස්ථාන මාරු ලබාදෙන ලෙස 2018/04/05 දිනැති ලිපියෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකට දැනුම් දී ඇත. නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේ සඳහා විරෝධය දක්වා ඇති බව පවසමින් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ස්ථාන මාරු කි‍්‍රයාත්මක කිරීම නවතා ඇත.

පුත්තලම රෝහලට 2017 දෙසැම්බර් මස නවක හෙද නිලධාරින් 44 දෙනෙකු ලබාදී ඇත. එසේම මෙම නිලධාරින් 15 දෙනා මුදාහැරීමට කිසිදු බාධාවක් මතුවී නොමැත. රෝහලේ අනිකුත් හෙද නිලධාරින්ගේ විරෝධයක් හෝ 15 දෙනෙකු මුදාහැරීම නිසා සේවා අඩාල වීමක්ද සිදු නොවේ.

එබැවින් අතිශය සාධාරණ හේතු මත ලබාදී ඇති මෙම ස්ථාන මාරු වහාම කි‍්‍රයාත්මක කර එම නිලධාරින්ගේ ජීවිත වලට සාධාරණය ඉටුකරන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් මෙන්ම වයඹ පළාත් සෞඛ්‍ය බලධාරින්ගෙන්ද ඉල්ලා සිටිමු. මෙම මාරුවීම් ලබා නොදීමට විරෝධය පලකිරීම සඳහා 2018/04/18 දින පුත්තලම රෝහලේ සියලූ හෙද කාර්ය මණ්ඩලය වර්ජන කි‍්‍රයාමාර්ගයක නිරත වන බවද දන්වමු. එසේම උද්ගතව ඇති අර්බුදයේ වගකීම මධ්‍යම රජයේත්, වයඹ පළාතෙත් සෞඛ්‍ය බලධාරින් බාරගත යුතු බවත් දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
එස්. බී. මැදිවත්ත
වැඩබලන සභාපති,
සමස්ත ලංකා හෙද සංගමය.