ආණ්ඩුවට කැමති අයට ආණ්ඩුවත් එක්ක ඉන්න පුළුවන්…..කකුලෙන් අදින අයට යන්න පුළුවන්…!

0

ඉදිරියේදීත් ජාතික ආණ්ඩුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරුන් කැමැත්ත පළ කර ඇති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර සඳහන් කර සිටියා.

මොණරාගලදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපි අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දීලා තියනවා. ඒ කාලයේ වගේ අග්‍රවිනිශ්චයකාරවරිය යම් තීන්දු දුන්නාම පැය 24න් එළවන්න අපි කටයුතු කරලා නෑ.”

රාජිත සේනාරත්න අමාත්‍යවරයා නීතිය අතට අරගෙන කටයුතු කරනවා කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා ඊයේ චෝදනා කළා?

“රාජිත සේනාරත්න ඇමතිතුමා නීතිය අතට අරගෙන නෑ. නීතිය හා සාමය බාර මටයි. රාජිත සේනාරත්න කියන්නේ මගේ කැබිනට් සගයෙක්. මගේ මිත්‍රයෙක් නීතිය අතට අරන් කටයුතු කරන්න අපේ ආණ්ඩුවේ අවස්ථාවකුත් නෑ. අයිතියකුත් නෑ.”

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් අය ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා තියනවා. එහෙම වුනොත් ආණ්ඩුව ඉදිරියට ගෙනි යන්න පුළුවන් වෙයිද?

“කිසිම ප්‍රශ්නයක් නෑ, ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ආණ්ඩුවට දොස් කියනවාට, ආණ්ඩුව විවේචනය කරනවාට වඩා හොදයි ආණ්ඩුවෙන් ගිහිල්ලා විපක්ෂයේ වාඩි වෙන එක. අපිට ඕන එච්චරයි. අපිට ඕන ශක්තිමත් ආණ්ඩුවක්. ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ කකුලෙන් අදින අය අපිට ඕන නැහැ.”

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනාම ආණ්ඩුවේන් ඉවත් කරන්න සූදානමක් තියෙනවා ද?

“අපි කියලා තියෙන්නේ කැමති අයට ආණ්ඩුවත් එක්ක ඉන්න පුළුවන්. විශාල පිරිසක් කැමැත්ත පළ කරලා තියනවා ආණ්ඩුවත් එක්ක ඉන්න. ඒ සම්බන්ධයෙන් සන්ධානයේ මහ ලේකමුත්, නිදහස් පක්ෂයේ මහලේකමුත් කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා.”