ශ්‍රි ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින්ට රජයෙන් නිසි වටිනාකම ලබා දෙනවා…!

2

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ පදක්කම් 6 ක් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩීකාවන් හට අමාත්‍යාංශයක් හා රජයක් හැටියට නිසි වටිනාකමක් ලබා දී ඔවුන්ට ආසියාතික හා ඔලිම්පික් පදක්කම් ලබා ගැනීමට අවශ්‍ය සියලූම ශක්තිය ලබා දෙන බව වැඩ බලන ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කරනවා.

වැඩ බලන ක්‍රිඩා අමාත්‍යවරයා ඊයේ (19) සිය අමාත්‍යාංශයේ වැඩ බාරගත් අතර එහිදී  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ පදක්කම් 6 ක් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩීකාවන් ඇගයීමේ හමුවක් ද පවත්වනු ලැබූවා.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මා මේ දරන්නේ තාවකාලික ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ බැලීමේ ධූරය බවත් රාජකාරී භාර ගැනීමේ උත්සවයක් නොපවත්වා පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින් ඇගයීමක් පැවැත්විය යුතු බව මා තීරණය කලා.රජයක් හැටියට රටට කීර්තියක් ගෙන ආ මේ උදවිය පිළිගැනීම හා ඇගයීම අපේ යුතුකමයි. අවුරුදු 30 ක් ත්‍රස්තවාදයෙන් බැට කෑ අප වැනි ජාතියක් සහෝදරත්වයෙන් බැඳ තබා ගැනීමට ක්‍රීඩාව මහත් සේ උපකාරී වනවා. අපට භාෂා ප්‍රශ්න තියෙනවා සංස්කෘතික ප්‍රශ්න තියෙනවා නමුත් අපි ක්‍රීඩාවේ යෙදෙන විට ඒ සියල්ල මඟහැර ගැනීමට හැකි වෙනවා.”

“නමුත් අපි දන්නවා විවිධ වු ක්‍රීඩා සංගම් අතර යම් යම් ප්‍රශ්න තියෙනවා අපිට හැකියාව තිබිය යුතුයි එම ප්‍රශ්න මඟ හැරගෙන ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරිමට. එයින් අපට හැකි වෙනවා තව තවත් ක්‍රීඩා ජයග්‍රහණ වලට යාමට. අපි දන්නවා මීට ප්‍රථම අවුරුදු වලදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වල එකදු පදක්කමක් වත් දීනා ගැනීමට නොහැකි වු අවස්ථා. නමුත් මෑත කාලයේ මේ අමාත්‍යාංශයට ගරු හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ නායකත්වයෙන් අද වන විට ජයග්‍රහණ රැසක් හිමිව තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා එතුමා මෙම අමාත්‍යාංශයට දුන් නායකත්වය තවත් කාර්යක්ෂම ලෙස ඉදිරියට ගෙන යාමට අපට හැකියාව තිබෙන බව.”

“මේ අමාත්‍යාංශය රටේ වැදගත්ම අමාත්‍යාංශයක් හැටියට අපි දකිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වනවා තව තවත් ජත්‍යාන්තර ක්‍රීඩා ජයග්‍රහණ මෙම අමාත්‍යාංශය තුලින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට.අපි දන්නවා මෙම අවස්ථාවට සහභාගී වී සිටින සුසන්තිකා ජයසිංහ මැතිණිය මේ තත්වයට එන්න කොපමණි කැපකිරීම් කලාද කියලා.  එතුමිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට හොඳ ආදර්ශයක්. ඇය ඉතා කටුක ගමනක් ආපු එක්තරා අවස්ථාවකදී ශ්‍රී ලංකාව එක්තරා පැලැන්තියකට සීමා වු නමුත් අද  ඕනෑම ගමේ කොනකුටත් ක්‍රීඩවේ ඉහළ තැන් වලට යාමට සම අවස්ථාව ලබා දී තියෙනවා. මේ අවස්ථාව වඩා ශක්තිමත් කිරිමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායක්තවය පසුගිය කාලය තුලදී ගරු දයාසිරි ජයසේකර මැතිතුමාට හැකියාව ලැබුණා.”

“අද ක්‍රීඩාව රැකියාවක් බවට පත්වීම නිසා යම් යම් ගැටළු සහගත තත්වයන්ද ඇති වී තියෙනවා. අපි දන්නවා අපේ ක්‍රිකට් කණ්ඩායමට මැච් 1 ක් පැරදුනු විට ක්‍රිකට් බලධාරින්ගේ, පුහුණුකරුවන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වන බව. අද ඔබ ලබා ගත් මෙම ජයග්‍රහණය අපේ රටට විශාල ආඩම්බරයක් හෙයින් ඉදිරියේදී අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඔබ ඇගයීමේ විශේෂ උළෙලක් අප පවත්වනවා.”

“සමහර මාධ්‍ය වාර්තා කර තිබුණා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ පදක්කම් ලාභීන්ට නිසි සැලකිල්ලක් මෙම අමාත්‍යාංශයෙන් නොලැබෙනු ඇතැයි කියා. නමුත් මා පොරොන්දු වෙනවා අමාත්‍යාංශයක් හා රජයක් හැටියට ඔබට නිසි වටිනාකම ලබා දෙන බවත් ඉදිරියේදී   ආසීයාතකි හා ඔලිමිපික් පදක්කම් ලබා ගැනීමට අවශ්‍ය සියලූම ශක්තිය ලබා දීමට කටයුතු කරන බවත්  මා මෙහීදී වගකීමෙන් යුතුව පොරොන්දු වෙනවා.”

Faiszer Musthapha

2 COMMENTS

  1. Have you ever thought about creating an ebook or guest authoring on other sites?

    I have a blog centered on the same information you discuss and would really like to

    have you share some stories/information. I

    know my viewers would enjoy your work. If you’re even remotely interested,

    feel free to shoot me an e-mail.

Comments are closed.