ණය දෙන්න නම් ඉන්ධන මිල ඉහළ දමන්න….IMF කොන්දේසි පනවයි…..!

0

අවුරුදු 03ක කාලයක් සඳහා අදියර කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ණය මුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිතයින් සහ නිළධාරි මට්ටමේ එකඟතාවන්ට මේ වන විට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ මෙහෙයුම් ප්‍රධානී මනුවෙලා ගොරෙටි නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

වොෂින්ටන් නුවරදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඇය මෙම නිවේදනය ඉදිරිපත් කර ඇති අතර ණය මුදල සම්බන්ධයෙන් වන සාකච්ඡා සහ එකඟතා මේ වන විට අවසන්වී ඇති බවත් එහිදි සඳහන් කොට තිබෙනවා.

කෙසේවෙතත් කැබිනට් අනුමැතිය සඳහා යොමුව ඇති ඉන්ධන මිල ඉහළ දැමිම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ මූල්‍ය  ස්ථාවරත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී වැඩි අවධානය යොමු කර තිබෙනවා.