ගමේ කුස්සි අම්මා වගේ දේශපාලනය කරන්න බෑ…ඡන්දයක් දිනා ගන්න බැරුව පෙරලි පෙරලි වැදලා ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් පක්ෂේ දේවල් කතා කරන්න අයිතියක් නෑ

6

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරුන් ඉවත් කිරීමට නම් ඔවුන්ට එරෙහිව ඇති චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවත් එසේ නොකර ඔවුන්ව එම ධූර වලින් ඉවත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමරතුංග පවසනවා.

ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කර සිටියා.

නවවසරේ ජනතාවට පැහැදිළිව ආණ්ඩුව ගැන බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්ද?

“ඔව් පැහැදිලිවම”

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙක් ගියාම ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න පුළුවන් ද?

“පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ.”

මොකද්ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීරණය විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන්?

“ඒ ගැන තීරණයක් තවම අරන් නෑ.”

ඩිලාන් ඇමතිතුමා කියලා තියනවා 16 දෙනාට අමතරව තවත් පිරිසක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් යන්න ඉන්නවා කියලා?

“ඒක ඩිලාන්ගෙන්ම අහන්න වෙනවා. ඡන්දයවත් දිනා ගන්න බැරුව ජාතික ලැයිස්තුවෙන් පින්සෙන්ඩු වෙලා මගේ කාලෙත් පාර්ලිමේන්තුවට ගිය මනුස්සයෙක්. ඊට පස්සේ මෛත්‍රිපාල ජනාධිපතිතුමාට පින්සෙන්ඩු වෙලා ආයිමත් දිනන්න බෑ කියලා ජාතික ලැස්තුවට නම දාගත්තේ. ඉස්සර ඔය ඩිලාන් පෙරෙරා කියන මනුස්සයා ඒකනම් මම කියන්නම ඕන. මට පෙරලි පෙරලි වැඳ වැඳ මම ලෝකයේ ඉන්න හොඳම දේශපාලඥයා කියලා විවෘතව කියපු කෙනා. දැන් කියනවා මම පුස්කාපු නූඩ්ල්ස් පැකට් එකක් කියලා. පුස්කාපු නුඩ්ල්ස් පැකට් එකකට දුර්දාන්ත ආණ්ඩුවක් පෙරලන්න පුළුවන්නම්, තව පුස්කාපු නූඩ්ලස් පැකට් 10 ක් තිබුනොත් අපිට මුළු ලෝකෙම පෙරලන්න පුළුවන්.”

අගමැති තනතුරේ වෙනසක් වෙයිද?

“ඔය ගොල්ලෝ ඕවා මගෙන් අහන්නේ හරියට මම කරනවා වගේනේ. කරන මිනිස්සුන්ගෙන් ගිහිල්ලා අහන්නකෝ.”

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් හා සන්ධාන මහලේකම් අයින් වෙන්න ඕන කියලා කියනවා?

“ඒ මොකටද? ඇයි අයින් වෙන්න ඕන.”

එයාලා අගමැතිතුමාට කේලම් කියනවාලු?

“ඒවා ඔප්පු කරන්න එපැයි. එහෙමනම් ඒ ගොල්ලෝ දේශපාලනය කරන්න, නායකයෝ වෙන්න අයිතියක් නෑ. ඒක ඉකම් මේ ගමේ ඉන්න කුස්සි අම්මා කෙනෙක් කියන කතාවක් නේ. දැන් ඇති යන්න.”

Chandrika Kumaratunga

6 COMMENTS

  1. Excellent post. I was checking continuously this blog and I am inspired!

    Extremely useful info specifically the last phase 🙂 I care for

    such info much. I used to be seeking this particular info for a

    very lengthy time. Thanks and best of luck.

  2. Hello there I am so happy I found your blog page,

    I really found you by error, while I was looking on Google for something else, Regardless I am here now and would just like

    to say thanks a lot for a fantastic post and a all round interesting blog (I also

    love the theme/design), I don’t have time to look over it all at the minute but I have saved it and also added your RSS feeds, so when I have time I will be back to read a great deal more, Please do

    keep up the awesome jo.

Comments are closed.