ආණ්ඩුව මොන කුපාඩි වැඩේ හරි කරලා මේක රැක ගනිවී….අර්බුද වහගන්න ජවිපෙ පෙරට දැම්මා….!

0

ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වෙනි සංශෝධනය ගෙන එනු ලබන්නේ ආණ්ඩුවේ අර්බුද වසා ගැනීමට බවත් ඒ හරහා ඒකාබද්ධ විපක්ෂය තුළත් අර්බුද නිර්මාණය කිරිමට බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පවසනවා.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

:ආණ්ඩුව ඇතුලේ අර්බුද පැටව් ගහන වෙලාවක තමයි ජනතා ව්මුක්ති පෙරමුණ මේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමක් කියන සටන් පාඨය ගෙන එන්නේ. මේකේ එක අරමුණක් තමයි ආණ්ඩුව ඇතුලේ තියන අර්බුදය සමනය කර ගැනීම සඳහා විපක්ෂය ඇතුලේ අර්බුදයක් නිර්මාණය කිරීම. 13 වෙනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කර ගැනීමට තියන බාධා ඉවත් කර ගැනීම මේකේ දෙවන අරමුණ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන්නේ රටේ ඒකීයභාවය දැඩි ලෙස අනතුරේ වැටෙනවා.”

ඒකාබද්ධ විපක්ෂය ඇයි විවිධ මත පළ කරන්නේ?

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිළිව සඳහන් කළා මේක සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක් කියලා. ඒක එළඹෙන සතියේ රැස්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරලා තීරණයක් ගනී.”

ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච 16 දෙනා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ කරගැනීමේ අදහස ගැන මොකද්ද තීරණය?

“ඔවුන් ඉටුකරන භූමිකාව අනුව තමයි ඔවුනට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වීමේ හැකියාව නොහැකියාව තියෙන්නේ. ඒක අපේ අතේ තියන දෙයක් නෙමෙයි, ඔවුන් අතේ තියන දෙයක්.”

රවි කරුණානායක හා විජේදාස රාජපක්ෂ වෙත නැවත අමාත්‍යධූර ලබා දීම ගැන අදහස මොකද්ද?

“අපි නෙමෙයිනේ රවීව අයින් කළේ. අපි නෙමෙයිනේ විජේදාස රාජපක්ෂව අයින් කළේ. ඒක අයින් කරපු කාලයේ ආණ්ඩුව කිව්වේ තමන්ගේ විනිවිදභාවය කියලා. දැන් නැවත දෙද්දි මොකද්ද කියන්නේ? ආණ්ඩුව දැන් හදන්නේ මොන කුපාඩි වැඩේ කරලා හරි මේක කරගන්න.”