හොරුත් එක්ක යනවද? හොරු නැතුව යනවද? පොහොට්ටුවට ප්‍රශ්ණයක්

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය නිසාද එහෙම නැත්නම් ජනතාවට ඇතිවෙලා තිබෙන්නා වූ පීඩනය නිසාද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසනවා.පසුගිය (21) හොරණ ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ තව දුරටත් හොරුත් එක්ක යනවද? හොරු නැතුව යනවද කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ යුතු කාලය පැමිණ ඇති බවයි.

“අපේ මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නැවතත් හොරු එක්කද මේ ගමන යන්න වෙන්නේ අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආවත්. මේ ප්‍රශ්නය මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා. මොකද පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඒ පත්වුනාවූ කණ්ඩායම් ගැන තියෙන්නේ සතුටුදායක ප්‍රතිචාරයක් නෙමෙයි ඒ සියලුදෙනා ගැනම.ලොකු ප්‍රශ්නාර්ථ තියෙනවා. අපිටත් තියෙනවා. අපිටත් තියෙනවා. ඒ හින්දා නිවැරදි තීන්දු තීරණ ගතයුතු කාලය. පළවෙනියටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි.හොරුත් එක්ක යනවද? හොරු නැතුව යනවද කියන එක තීරණය කරගන්න.”

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් සිදු වූ දේ ගැන පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටි..

“විශ්වාසභංග යෝජනාව ගේනවා වැරදි වෙලාවක. ඊට පස්සේ ඒක ගැන කතා කර කර ඉන්නවා සති ගාණක්. එතනින් පස්සේ ඒකෙන් සිද්ධවෙච්ච දේවල් ගැන මරණ පරීක්ෂණ තියනවා. මේ රටේ හැටි.දැන් කතාකරනව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන කතන්දරෙයි, මහ මැතිවරණය පවත්වන එකයි. මේව තමයි දැන් කතා කර කර ඉන්නේ. මහ මැතිවරණයක් ඉල්ලා හිටින්න ඉස්සෙල්ල මම හිතනව විරුද්ධ පක්ෂය පෙන්වන්නට ඕන, ඔවුන්ට විශාල ජනවරමක් ලැබුණනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශාල ජනවරමක් ලැබුනා. ඒ ජනවරම ලැබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශක්තිය නිසාද එහෙම නැත්නම් ජනතාවට ඇතිවෙලා තිබෙන්නා වූ පීඩනය නිසාද කියනඑක ඉස්සෙල්ලා තේරුම් ගන්න.”