තව මාස 18 යි තියෙන්නේ…..එළියේ නරි ඇතුලට රිංගන්න ඉන්නවා….හොරු රකින්න ලෑස්ති වෙන්න එපා!

0

හොරු අල්ලන්න ගිවිසුම් ගසා ආණ්ඩු බලය ලබා ගත් පිරිස හොරු ආරක්ෂා කරමින් ආණ්ඩුවෙන් ඉවත් වීම තුළ යහපාලනය වෙනුවට යමපාලනය ඇති වී ඇති බව අසාද් සාලි පවසනවා.

කොළඹ දි පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“දැන් අපි මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන මේ ආණ්ඩුව ගත්තේ මොකටද යහපාලනයක් හදන්න. යම පාලනයක් නෙමෙයි, යහපාලනයක්. දැන් යහපාලනයක් තියනවා ද රටේ නෑ. පක්ෂ 2 ක් එකතු වෙලා, මේ රටේ තියන ප්‍රධාන පක්ෂ 2ක් නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා මේ ආණ්ඩුව හැදුනේ. හැබැයි මේ දොගොල්ලන්ටම එකට වැඩ කරන්න බෑ. අපි දන්නවා මාසෙකට ඉස්සල්ලා විශ්වාසභංගයක් ගෙනල්ලා ලොකු වෙනසක් කරන්න හැදුවා. 16 දෙනෙක් ඉල්ලා අස්වෙලා ගිහිල්ලා තියනවා මන්ත්‍රිධූර වලින්. 24 වෙනිදාට ආයිත් අලුතෙන් කැබිනට් එකක්. හැබැයි අපි ආණ්ඩුවේ නායකයෝ දෙපලටම කියනවා තියෙන්නේ මාස 18යි. එලියේ නරියෝ බලන් ඉන්නවා ඇතුලට රිංගන්න. නරින්ට ඉඩකඩ දෙනවාද එහෙම නැත්නම් යහපාලනය ඉදිරියට ගෙනි යනව ද කියලා නායකයෝ දෙපල තමයි තීරණය කරන්න ඕන. අපි සියළු දෙනාම ජනවාරි 8 වෙනිදා ඡන්දය දුන්නේ සාධාරණ ආණ්ඩුවක්, මීනි නොමරන ආණ්ඩුවක්, සියළු ජනවර්ගවලට සාධාරණය ඉටු කරන රජයක් බලාපොරොත්තුවෙන්. ඒ නිසා අපේ යුතුකම අපේ ගම්වල ඉන්න මැති ඇමතිවරුන්ට ගිහිල්ලා කියන්න තමුන්නාන්සේලා කරන වැඩේ වැරදියි. තමුන්නාන්සේලා ගිවිසුම් ගහලා හොරුන්ව ආරක්ෂා කරන්න එපා. හොරුන්ව අල්ලලා හිරේ දාන්න් කියලා.” ඔහු මෙහිදි සඳහන් කර සිටියා.