නුවරඑළිය වසන්ත උදානය අතිසාර්ථක නෑ…සංචාරකයන්ගේ පැහැදිළි අඩුවක්

0

නුවරඑළිය මහ නගර සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වසන්ත උදානයට සමගාමිව මෙවර වසන්ත උදානයට දේශිය සංචාරකයින්ගේ පැමිණම විශාල අඩුවක් දක්නට තිබු බව එම මහ නගර සභාවේ පුරපති චන්දන ලාල් කරුණාරත්න පැවසුවා.

මාධ්‍ය සමග ඊයේ (25) අදහස් දක්වමින් චන්දන ලාල් කරුණාරත්න කියා සිටියේ මෙවර වසන්ත උදානයට සමගාමිව නුවරඑළිය සංචාරක නිකේතන, සංචාරක හෝටල් , සංචාරක නිවාස වල විශාල සංචාරක පිරිසක් රැදි සිටි බවයි.

ඉකුත් වසර වල වසන්ත උදාන කාලයේ නුවරඑළිය නගරයේ විශාල වශයෙන් දේශිය සංචාරකයින් පිරි සිටියත් මෙවර වසන්ත උදානයේ එය දක්නට නොලැබුනු බවයි පුරපති වරයා කියා සිටියේ.ග්‍රෙගරි වැව ආශ්‍රිතව විශාල සංචාරක පිරිසක් සිටිය බවත්, නුවරඑළියේ වසන්ත උදානයට සහභාගි නොවන ලෙසට ඇතැම් පිරිස් විසින් සිදු කල බලපැම් හා දැනුම් දිම් මත මෙවර විශාල සංචාරකයින් පිරිසක් සහභාගි නොවු බවත්, තවද වසන්ත උදානයට පැමිනි දේශිය සංචාරකයන් නුවරඑළියේ ඇතැම් නවාතැන් වල අයකරන අධික මිල නිසා නුවරඑළියෙන් බැහැරව වැලිමඩ , බණ්ඩාරවෙල යන ප්‍රදේශ වල නවාතැන් පහසුකම් ලබාගෙන තිබු බවද පුරපතිවරයා කිහ.

මෙවර වසන්ත උදානයේදි නුවරඑළිය නගරයේ සියලුම අංශවල ව්‍යාපාර  කටයුතු සාර්ථක බවත්, පැමිණි සංචාරකයන් වෙනුවෙන් හා නුවරඑළියේ සියලුම සංචාරක හෝටල සහ නිකේතන වලට අවශ්‍ය සියලුම පහසුකම් තම නගර සභාව විසින් ලබාදුන් බවද පුරපතිවරයා කිය.

මෙවර නුවරඑළියේ වසන්ත උදානය ඉතා සාර්ථක වසන්ත උදානයක් නොව බවත්, සාර්ථක වසන්ත උදානයක් බවත් , මෙම වසන්ත උදානය වෙසක් පෝහෝ දින දක්වා පැවැත්වෙන බව පුරපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here