ලන්ඩන් ගිහින් හිඟා කාපු ඇමතිලා පවුනේ….? මුන්ට ඇමතිකම් දීපු උන්ට ගහන්න ඕන මඩුවලිගෙන්…!

0

‘පාර අයිනේ පේමන්ට් කඩේක ඇමති කෙනෙක් පොඩි බනිස් ගෙඩියක් වගේ කේක් ගෙඩියක් කපල උපන දිනේ සැමරුව කිවුවම තමුන්නාන්සෙලාට දුක හිතෙන්නේ නැද්ද’ යනුවෙන් ඊයේ හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මාධ්‍ය සාකච්ඡාවකදි විමසා සිටියා.

ඔහු ඒ බව සඳහන් කර සිටියේ ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යවරයා තම උපන්දිනය ලන්ඩනයේදි පාටි දමා සැමරු බවට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල පැතිරි යන ඡායාරූපයන් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමිනි.

“අපි මේ පාර සයිවර් කඩේකට ගිහිල්ලා  කෑම ටිකක් කෑවා. මේ ස්පන්චි ගෙඩියක් වගේ පොඩි කේක් ගෙඩියක් කැපුවා. පාරේ අයිනේ පේමන්ට් කඩේක ඇමති කෙනෙක් පොඩි බනිස් ගෙඩියක් වගේ කේක් එකක් කපලා උපනදිනය සැමරුවා කිව්වාම දුක හිතෙනවා නැද්ද?” චන්දිම වීරක්කොඩි මෙහිදි පවසා සිටියා.

රටේ දේශපාලන අස්ථාවර බවක් නිර්මාණය කරමින් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ 2ම තම අභ්‍යන්තර බල අරගල හේතුවෙන් රටේ ජනතාවගේ අවශ්‍යතා, ජීවන වියදම පාලනය හා අනෙකුත් සුභසාධන කටයුතු සියල්ලා පසෙකලා සිටින අවස්ථාවක, තැන තැන කල්ලි ගැසෙමින් තමන්ගේ හෙට දවසේ බලය ආරක්ෂා කරගෙන මඩිය තර කර ගැනීමේ අඛන්ඩ උත්සහයක නිරත වන මෙවන් ජනතා නියෝජිතයන් ගේ ප්‍රකාශ ඇසූවිට දුක් විය යුත්තේ මෙවැනි ජඩ දේශපාලකයින්ට ඡන්දය දුන් ඡන්දදායකයින් පිළිබඳවය.

චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා ලන්ඩන් නුවරට ගියේ 16 කල්ලියේ මතය ජනාධිපතිට ලන්ඩනයේදී දැනුම් දීමට බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ. දුරකතන ඇමතුමකින් හෝ වයිබර්, වට්ස් ඇප් ඇමතුමකින් හෝ ජනාධිපතිවරයා සමඟ එය පැවසීමට හැකියාව තිබියදි ජනතා මුදලින් වියදම් දරාගෙන ලන්ඩන් නුවරදි සැප අරගෙන පසුව මෙවැනි පීචං ප්‍රකාශ කිරීම පිළිබඳව චන්දිම වීරක්කොඩි රෙද්ද ගලවා ලැජ්ජා විය යුතුය.

සැබවින්ම් දුක සිතිය යුත්තේ ජනතා ඡන්දයෙන් හෝ ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට ගොස් ජනතාවට අබමල් රේණුවක සේවාවක් නොකට ජනාධිපතිගේ කැරට් අනුභව කරමින් ජනතා මුදලින් රට සවාරියේදි ස්පන්චි කේක් ගෙඩියක් කපන තුප්ප දේශපාලුවන් ගැන නොව, අවුරුද්දම දුක් විදිමින් වගා කළ කැකිරි අස්වැන්නේ කිලෝවක් රුපියල් 2කට විකුණන ගොවියන් ගැනය. තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දහඩිය හෙලන දෙමාපියන් ගැනය. ණය බරෙන් මිරිකි සිය දිවි නසා ගන්නා තත්ත්වයට පත් වන ජනතාව ගැනය.

ඇමති කෙනෙක් වූ පලියට ඔහු නෙළුම් මලෙන් උපන් අයෙකු විය යුතු නැත. ලංකාව වැනි රටවල් කිසිදු දිනක සංවර්ධනය නොවන්නේ මෙවන් ආකල්ප ඇති දේශපාලුවන් රට පාලනය කිරීම නිසාය. එම නිසා දැන්වත් ඡන්දය හරියට භාවිතා කරන්න ජනතාව සිහි තබා ගත යුතුය. පක්ෂ භේද නොසලකා මෙවන් පිංගුත්තරයන් ජනතා නියෝජිතයින් නොකිරීමට වග බලා ගත යුතුය.

අනෙක් අතට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා හරහා මහත් පම්පෝරි ගසන, නමක් ගමක් නැති ලන්ඩන් ආයෝජන ලංකාවට ගෙන ආ මොහාන් පෙරේරා සිය ෆේස් බුක් පිටුවේ තැබු සටහන් හා ලන්ඩනයේ හොටෙල් කාමර වෙන් කළ විස්තර අනුව මුලින්ම හැගිගියේ මෙය ලන්ඩනයේ හිල්ටන් පාක් හෝටලයේ සැමරු උපන් දින සාදයක් ලෙසටයි. නමුත් තමන්ට අවාසිදායක ලෙස හැසිරෙන ඇමතිවරුන් පිනවීමට ජනාධිපති උපයෝගී කොට ගෙන ඇත්තේ මේ දීනවල රටේ ආයෝජන දූතිකාව වී ඇති තැනැත්තිය හා සයිවර් කඩ ය. එහෙම බලනකොට ජනාධිපතිවරයා විසිකර ඇත්තේ පලුදු වූ කැරට් අල කිහිපයකි.  ඒත් එම කැරට් අනුභව කරන්නේ එතරම් හෝ ව්ටිනාකමක් නැති දේශපාලුවන් නිසා එහි වරදක් නැත. අපට දුක සිතෙන්නේ ද නැත………!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here