ලඟම ඉන්න කණ්ඩායම ලං කරගෙන රනිල් පක්ෂය කන්තට ගෙනියනවා…. වික්‍රමසිංහ රෙජිමය හදලා ඉවරයි!

0

ඊයේ (26) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය නව නිලධාරි මඩුල්ලක් පත් කර ගත්තා. ඒ මෑතකදි පත් වූ එක්සත් ජාතික පක්ෂ්a ප්‍රතිසංවිධානය කමිටුවේ නිර්දේශ පදනම් කර ගනිමිනි.

නමුත් නව නිලධාරි මණ්ඩලයට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තුළම විරෝධතා පැන නැගි ඇති අතර හිටපු කතානායකවරයෙක් වූ ජෝශප් මයිකල් පෙරේරා රවි කරුණානායක උප සභාපතිවරයාට විරෝධය දක්වමින් කෘත්‍යාධිකාර මණ්ඩල සාමාජිකත්වයෙන් පවා ඉල්ලා අස් වුණා.

එසේම නව නිලධාරි මඩුල්ලට විරෝධය දක්වමින් ඊයේ (26) එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදි අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක,

“දුවන්න පුළුවන් අශ්වයෙක් දාලා මේ ගමන යන්න තමයි මේ අවස්ථාවේදි එක්සත් පක්ෂයේ සියළු දෙනාම ඉල්ලන්නේ. කිසිම පාක්ෂිකයෙක් පක්ෂයේ මහලේකම් වෙනස් කරන්නවත්, පක්ෂයේ සභාපති වෙනස් කරන්නවත් ඉල්ලුවේ නෑ. ඉල්ලුවේ පක්ෂ නායකත්වය වෙනස් කරන්න කියලා. පක්ෂ නායකත්වය වෙනස් කරන්නේ නැතුව ගමේ පාක්ෂිකයා ඡන්ද පොළට යන්නේ නෑ. මේ පක්ෂය යන්නේ කනත්තට.”

එච්. ආර්. එම් වික්‍රමසිංහ – ප්‍රධාන ලේකම්,

“අකිල විරාජ් මැතිතුමාට අපි විරුද්ධ නෑ. හැබැයි මහලේකම්වරයාට අපි විරුද්ධයි. මහලේකම් තනතුරට සුදුසු අය ඉන්නවා ඔතනම. ඉතින් නවීන් දිසානායක මහත්තයා දාන්න තිබ්බානේ පක්ෂයේ මහලේකම් කමට. මෙතුමාගේ ලඟම ඉන්න කණ්ඩායම තුරුල් කරගෙන ලං කරගෙන ගෙනියන ගමනක් තමයි මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා යන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ රාජපක්ෂ රෙජිමය කියලා. දැන් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ රෙජිමය”