අවුරුදු 7 ක් නායකත්වය වෙනස් කරන්න සටන් කළා….දැන් අපිටත් වෙහෙසයි…මේ අන්තිම අවස්ථාව

0

අවුරුදු 7 ක් පූරා එක්සත් ජාතික පක්ෂයේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳව පවසමින් විරුද්ධව කතා කොට හෙම්බත් වී ඇති බවත් එහෙත් අර්බුදය තවමත් අවසන් නොවි ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසා සිටිනවා.

අද (27) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අගමැතිතුමා එක්ක ඕක මම විශේෂයෙන්ම සාකච්ඡා කරලා තියනවා. විශ්වාස කරන්නේ නෑ. එතුමා පොරොන්දු වුණා පැහැදිළි වෙනසක්. මම කිව්වා විශ්වාසභංගයෙන් පස්සේ අපි ආපහු හිටපු තත්ත්වයටම වැටෙයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ අපි තීරණය කරන්න ඕන තනි පිරිසක් ආරක්ෂා කරනවා ද? සුළු පිරිසක් ආරක්ෂා කරනවා ද කියා. මේ අන්තිම අවස්ථාව. මේ අවස්ථාවෙත් බොරු කරලා ඔලු ගෙඩි මාරු කරලා මේක කරගෙන යන්න හැදුවොත් විශාල විනාශයක්. දැනටමත් විනාශ වෙලා තියෙන්නේ පක්ෂයේ විශාල ප්‍රමාණයක්. දැනටමත් නායකතුමා එක්ක, එළියේ මම කතා කරන්නේ නෑ ලේසියෙන්. ඇතුලේ හැම තිස්සේම මම නායකතුමා එක්ක කතා කෙරුවා. හැමදාම දැන් අවුරුදු 7ක් විතර. දැන් අපිටත් වෙහෙසයි. දැන් මේක කියලා කියලා. මේකට විරුද්ධව කතා කරන්න කතා කරන්න අපිට ඉන්න බැරි තත්ත්වයක් බිහි වෙනවා පක්ෂය තුළ. තවදුරටත් කරගෙන යන්න බැරි තරමට අපි හෙම්බත් වෙලා තියෙන්නේ අපේ පක්ෂයේ තියන අඩුපාඩු නිසා. දැන් ඒ සටන් කිරීමේ ශක්තිය හීන වෙලා තියෙන්නේ. පක්ෂය තුළ සටන් කරන එක ලේසි පහසු ක්‍රියාවක් නෙමෙයි. නොයෙකුත් දුක් ගැහැට වලට පලි ගැනීම් වලට මට මුහුණ පාන්න සිද්ධ වෙලා තියනවා දැන් අවුරුදු ගණනක් තිස්සේ. තවදුරටත් සටන් කරන්නේ නෑ. මම බලාගෙන ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ ස්වර්ණමය යුගයක් බිහි කරන්න මම කැපවෙලා ඉන්නවා.”  රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here