මෙහෙම විපක්ෂනායකලා ලොවෙත් නෑ….යන්නේ නැත්නම් යවන හැටි අපි දන්නවා…!

0

පාර්ලිමේන්තුවේ විපක්ෂනායකධූරය ලබා ගැනීම තමා සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන පවසා සිටිනවා.

මහරගම, ඇල්හේන මාවතේ පිහිටි මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“නිල විපක්‍ෂයට වඩා අපේ මන්ත‍්‍රීධූර වැඩියි. ඔහු පත්වුණේ වැරදි විදියටයි.මේ සත්‍ය තත්ත්වය තේරුම්ගෙන විපක්‍ෂ නායකතුමා තනතුරින් ඉල්ලා අස්වෙනවානම් හොඳයි. ඔහු ඉල්ලා අස් නොවෙනවා නම් ඔහුව තනතුරින් ඉවත් කරන්න අපි දේශීයව හා ජාත්‍යන්තරව වැඩ පිළිවෙලක් සංවිධානය කරගෙන යනවා. විරුද්ධ පක්‍ෂය ජනතාව වෙනුවෙන් හඬ නැඟිය යුතුයි.නමුත් අපේ විපක්‍ෂනායකතුමා ජනතාවගේ දුක වේදනාව ගැන කතා කරන්නේ නැහැ. ඔහු හැමවිටම ආණ්ඩුව සමඟ එකතුවෙලා කටයුතු කරනවා. මෙහෙම විපක්‍ෂනායකවරු ලෝකයේ කොහේවත් නැහැ.”