සටකපට රනිල් මේපාරත් එජාපයේ පසුපෙළ රැවැට්ටුවා…… රට ගොඩ ගන්නවා වෙනුවට එදා වේල සොයාගන්න විසඳුම් හොයනවා

4

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ තරුණ මන්ත්‍රිවරු බලාපොරොත්තු වූ වෙනස කවදාවත් සිදු නොවු බවත් ඔවුන් නැවත වරක් රනිල් වික්‍රමසිංහගේ සටකපට ගැටයකට අහු වූ බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත පවසා සිටියා.

පසුගියදා මතුගම නාරවිලදී ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා .

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙ වාර්තාව තමන්ම කඩාගන්න නායකයෙක්. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න වෙනත් කිසිවකුට පක්ෂයේ ඉහළට යන්න ලැබෙන්නෙ නැහැ. පසුගිය විශ්වාසභංගයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු රැවටුණු බව හෙට අනිද්දා ඔවුන්ගේම කටින් කියැවෙයි. එක්සත් ජාතික පක්ෂයේ ඔය කියන වෙනස්කම් මිරිඟුවක් පමණයි.මහ බැංකු හොරකම නිසා රටේ ජනතාවට බදු බර පටවල අසීමිත ලෙස පීඩාවට පත්වෙලා සිටින මොහොතක සූත්තර දාල තෙල් මිලත් ඉහළ දාන්න ආණ්ඩුව කටයුතු කරනවා. මේ ආණ්ඩුව රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට එදා වේලට මැජික් පෙන්වන්න පටන් ගෙන තියෙනවා.”

“බාලගිරි දෝෂය වැලඳුණ කැබිනට් සංශෝධන ජනතාවට වැඩක් නැහැ. ජනතාව ඉල්ලන්නෙ ආණ්ඩු සංශෝධනයක් කරන්න කියලයි. ආණ්ඩුව මේ කරන සංශෝධනය ජනතාවට කිසිදු සෙතක් වෙන්නෙ නැහැ. තවත් පිරිසකට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වැය කරලා ජනතාවගේ බඩට ගහල ගන්න බදු මුදල්වලින් මැති ඇමැති වරප්‍රසාද තර කර ගැනීමක් විතරයි. මේ විධියට ඇමැති සංශෝධන, පත්කිරීම්, ඉවත් කිරීම්, මාරු කිරීම් ලෝකෙ මොන රටකවත් නැහැ. මේ ගොල්ල ඇමැති ඇඳුම් අඳිනවා. හැඩ බලනවා. ෆොටෝ ගහනවට වඩා ඇමැතිවරුන්ට වැඩක් කරන්න වෙලාවක් නැහැ. මේක වැඩ බැරි ආණ්ඩුවක් බව නැවත නැවතත් ඔප්පු කර තියෙනවා. 2015 ජනවරි මේ රටේ ජනතාව මුළා කරලා බලය ගත්ත ආණ්ඩුව අද වෙනකොට දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙනවා.”

“යහපාලන දීගය නොගැළපෙනවා. මේ නොගැළපෙන දීගේ හෙවණැල්ලත් ඇදයි. මේ දීගය නොකළ යුතුයි කියන තැන ඒකාබද්ධ විපක්ෂය අපි මුල ඉඳලම හිටියා. නමුත් ඒක එදා පිළිනොගත් අයටත් සත්‍ය අත් දකින්න පුළුවන් වෙලා තියෙනවා.තමන්ගෙ පක්ෂවල තියෙන ප්‍රශ්න, රටේ ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්න යටගහන, අධ්‍යාපනය, ආර්ථිකය, සංවර්ධනය නතර කරන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මන්ද පෝෂණයෙන් ලෝක වාර්තා තියන තුරුම ආණ්ඩුව තම තමන්ගේ පක්ෂවල තියෙන කුණු කන්දල් ඇදගෙන දඟලන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. යහපාලනය ඇති කරන්න කඩේ ගිය සිවිල් සංවිධාන, ආචාර්ය මහාචාර්යවරු අද ආණ්ඩුවේ ගමන ගැන කම්පාවට, කලකිරීමට පත්වෙලා කර කියාගන්න දෙයක් නැති තැනට වැටිලා.”

“රටක් හැටියට ලංකාව තවත් දශක ගණනකින් ගොඩ ගන්න බැරි තරමට සංවර්ධනයේ ප්‍රපාතයකට වැටිලා අවසානයි. මේක ගොඩගන්න පුළුවන් යුද්ධයෙන් මේ රට බේරාගත් නායකත්වයට පමණක් බව ජනතාව පසුගිය පළාත් පාලන ඡන්දයේදී ආණ්ඩුවට කියා දුන්නා. මොන සෙල්ලම් දැම්මත් ඊළඟ මැතිවරණයෙන් ජනතාව මේ සියල්ලට උත්තරයක් දෙන බව ඉතා පැහැදිලියි. “

4 COMMENTS

  1. I oonly applied concerning 15 lbs, however still it annoyed me.

    I have had the ability to lose 5 lbs so far

    by keeping my carbs around 5g, going grain free of charge and also only eating in between 8 am and 6 pm.

    I eliminated all nuts and nut butter which created

    a big difference in my capacity to reduce weight.

Comments are closed.