පොහොට්ටුවෙත් අර්බුද තියනවා……එළියට එන්නේ නෑ….!

0

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තුළත් සැඟවුණු අර්බුදයක් රාශියක් ඇති බවත් එම අර්බුදයක් එළි වීම වැළැක්වීමට එම පක්ෂයේ පිරිස් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අද වන විට සෑම දේශපාලන පක්ෂයකම අර්බුද ඇති වෙමින් පවතිනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙත් යම් අර්බුද තියනවා. දැන් 16 දෙනෙක් වෙනම ඉන්නවා. ඊට පෙරත් අපේ පක්ෂය කැඩුණා. එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පෙරේදා තනතුරු පත් කළා. ඒ තනතුරු පත් කළාට පස්සේ ඒ අර්බුදය වැඩි වෙලා බවයි එම පක්ෂයේ මැති ඇමතිවරුන් ගේ ප්‍රකාශ වලින් පේනවා. පොහොට්ටු පක්ෂයෙත් අර්බුද රාශියක් තියන බව අපි දන්නවා. නමුත් ඒවා ප්‍රකාශයට පත් වෙන්නේ නෑ. ඒවා සැඟවීලා තියනවා කියලා අපි දන්නවා. රටේ දේශපාලන අස්ථාවර බවක් ඇති වෙලා තියනවා. ඒ වගේම තමයි රජයේ තිබුණු අඩුපාඩුකම් නිසා මැතිවරණය පසු බෑමට ලක් වුණේ. ඒ ඡන්දය පාවිච්චි කිරීම ගැන අපි අවධානය යොමු කරනවා. ඒක ගත්තාම දිනපු අය එක්කෙනෙක්වත් නෑ. 40% කාටවත් නෑ. එහෙම ගත්තාම ඊලඟ ඡන්දයේ ජනාධිපතිවරයා පත් කර ගත හැක්කේ කාටද යන්න තවම තීරණය කරන්න බෑ,” අමාත්‍යවරයා පවසා සිටියා.

Mahinda Amaraweera