ඇමතිකමක් ගන්න කියලා ජනාධිපති පස්සෙන් ආවා…..- ආරුමුගම් තොන්ඩමන්

0

රජය සමග එක් වි කැබිනට් අමාතයය ධුරයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් අවස්ථා කිහපයකදිම තමන්ට ආරාධනා ලැබුණු බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ,මහලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් පවසා තිබෙනවා.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව , නාගරික මන්ත්‍රිවරුන් සමග අද (01)එම නගර සභා රැස්විම් ශාලාවේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු තොණ්ඩමන් මන්ත්‍රිවරයා කියා සිටියේ අද දින මැයි දිනය සංකේතවත් කිරිම සදහා කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වු නිසා තමන් අද දින කොළඹට නොගිය බවයි.

අද පස්වරුවේ තමන් යලිත් කොළඹට යන බවත් ,එහිදි කැබිනට් අමාත්‍යය ධුරයක් ලබා ගැනිම සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බවත් ඔහු පවසා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ