වැල්ල පාගපු නැති එකා ධීවර ඇමති වෙලා…..ලැජ්ජායි කියපූ අයත් ආණ්ඩුවේ….!

0

නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ඉදිරි වසර එකාහමාරේ ආණ්ඩු බලය පවත්වාගෙන යාමට ගෙන ඇති පියවරක් පමණක් බවත් එහි කිසිදු විද්‍යාත්මක බවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (01) කාල්ටන් නිවසේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපි දැක්කා විද්‍යාත්මක භාවය. මොනරාගල විජිතමුණි aඇමතිතුමාට ධීවර අමාත්‍යාංශය දීලා. මුහුද දැකලත් නෑ, මුහුදක් පේන තෙක් මානයේ නෑ. වැල්ලක් පාගන්න ගම්බවෙන්නේ නෑ. හැබැයි එක විද්‍යාත්මක බවක් තියනවා සරත් ෆොන්සේකා මහත්තයාට දීලා තියෙන්නේ වනජීවී. ඉස්සර කළවැද්දා කියපු අයම තමයි දීලා තියෙන්නේ. කළවැද්දට අනජීවි දෙන්න ඕන නිසා දුන්නාද දන්නේ නෑ. දැන් මේ කැබිනට් මණ්ඩලය තෝරපු එකේ විද්‍යාත්මක බව හොයන්න වෙනම කමිටුවක් දාන්න ඕන. සමහර විට හෙට අනිද්දාට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයිද දන්නේ නෑ කමිටුවකින් තමයි ඒක තෝරලා තියෙන්නේ, මේකේ විද්‍යාත්මක බව හොයන්න තව කමිටුවක් දාන්න ඕනකියලා. මේ සම්පූර්ණ බොරුව හුදෙක් ඊලඟ අවුරුදු එකාමාර බලය රඳවා තබා ගන්න කරන්නක් මිස රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගත්ත වෑයමක් එමෙයි මේක. මේ මූහුණවල් මාරු කරලා ඔලුගෙඩි මාරු කරලා අරයාගේ තනතුර මෙයාට දීලා මෙයාගේ තනතුර එයාට දීලා මේ රටේ ජනතාව රවට්ටන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් ඒක වැරදියි.”

“දැන් බැදුම්කර හොරු ගැන මේ ආණ්ඩුව කතා කරන්නේ නෑ. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා කිව්වා මට ලැජ්ජායි කියලා මේ ආණ්ඩුවේ ඉන්න.ද ඇමතිකම දිවිරුම් දීලා තියෙන්නේ. කියලා මාස 6ක් ගියේ නෑ. මේවා දැක්කාම තමයි දේශපාලකයන් ඔක්කෝටම බනිනිනේ මිනිස්සු. මේ රටේ දේශපාලනය අච්චාරුවක් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව. මේ රටේ හොරු එකතුවෙලා තමයි හොරු අල්ලන්නේ.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Namal Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here