නරිඅඟ වැනි විශාරදයින් බිහිවෙන්නේ ඉඳ හිට බවම තව ටික දෙනෙකුයි දන්නේ

0

ප්‍රජාතන්ත්‍රවාදය මිල අධික බවත්, ඒකාධිපතිවාදය ඉතා ලාභ බවත් අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසනවා. ඊයේ (01) කැබිනට් අමාත්‍යධූරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

හිතට එකඟ සෑහිමකට පත් වෙනවාද?

“ඔව් ඉතින් සෑහිමකට පත් වෙන්න එපැයි. නැත්නම් ගිහිල්ලා විපක්ෂයේ වාඩි වෙන්න පුළුවන්.”

ඔබතුමත් එහෙමද හිතාගෙන ඉන්නේ?

“ඇයි විපක්ෂයේ වාඩි වෙන්නේ ආණ්ඩුව තියෙද්දි. අප්පච්චි කොහොමත් හොදයි මාත් එක්ක.”

මේ රටේ ඉදිරියක් තියෙද මෙහෙම වුණාම?

“මල්ලි ප්‍රජාතන්ත්‍රවාදය වුණාම මෙහෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදය මිල අධිකයි. ඒකාධිපතිවාදය ලාබයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕක තමයි බහුජන හිතාය බහුජන සුඛාය.”

සරත් ෆොන්සේකා මහත්තයාගේ ඇමතිධූරය ගැන මොකද හිතන්නේ?

“වනජීවි තිරසර පිළිබඳව ඒ වගේ එක්කෙනෙක් එන්න ඕන. මොකද ඒ ගැන දැඩි තීරණ ගන්න පුළුවන් කෙනෙක්.”

දැන් මුල වරද්ද ගත්ත නිසානේ මෙහෙම වුණේ?

“නරිඅඟ වැනි විශාරදයින් බිහිවෙන්නේ ඉඳ හිට බවම තව ටික දෙනෙකුයි දන්නේ”