මහින්ද අකමැති….විමල්ලා, ගම්මන්පිලලා කැමති සැලැස්මක් ගැන කුමාර් ගුණර්තනම් කියයි

0

“රාජපක්ෂ මහත්තයා අර්බුදයෙන් ගොඩ ගිහිල්ලාද? නෑ. 44%ක් ඡන්ද ආවට එයාත් ඉන්නේ අර්බුදයක. ඒ නිසාම තමයි එයා මහ ඡන්දයක් ඉල්ලන්නේ. ඇයි? ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ. එයාට ඉල්ලන්න බෑ. ගෝඨා ඉල්ලනවට විරුද්ධ එක්කෙනෙක් තමයි මහින්ද. එයා හිතන්නේ තමන්ගෙන් පස්සේ නාමල්ට බලය එන්න ඕන කියලා. ගෝඨා ගේන්න පුළුවන්ද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. පක්ෂය ඇතුළේ අය අකමැතියි. මහින්ද අකමැතියි. විමල්ලා, ගම්මන්පිලලා නම් කැමතියි. නමුත් අනෙක් අය කැමති නෑ. ඒ සැලැස්ම තාමත් තියෙන්නේ අර්බුදයක.”

පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ සංවිධායක ලේකම්, කුමාර් ගුණර්තනම් ඊයේ (01) පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙ මැයි රැළිය අමතමින් කල කතාව.

මුලින්ම ජනාධිපතිටයි, අගමැතිතුමාටයි ස්තූති කරන්න ඕන, අපිට විතරක් කොටුවේ ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්න ඉඩ ප‍්‍රස්ථා හදලා දීපු එක ගැන. හිටපු වම, ජනතා විමුක්ති පෙරමුණ, අගමැති කියද්දී ජනාධිපති කියද්දී හත් වැනිදාට සමරන්න කියද්දී එදාට සමරන්න සූදානම් වෙලා. 2011 ජනතා විමුක්ති පෙරමුනෙන් වෙන් වෙලා කළ දේශපාලන කටයුතුවලදි අපි වචන දෙකක් පාවිච්චි කළා. ඉපැරණි වම කිව්වේ පරණ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවලට. ඒකාලෙ, ජවිපෙ ඉද්දි අපි ඔවුන්ට කිව්වේ පැරණි වම කියලා. සභාග ආණ්ඩු හදලා, ඇමතිකම්වලට ජනතා අයිතිවාසිකම් පාවාදුන්නු ඉතිහාසය නිසා රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා කිව්වා, අපි කිව්වා ඒ පැරණි වම කියලා. ඒ ජවිපෙ ආපහු සැරයක් සභාගවාදයේ, නිර්ධන පන්තිය ධනපති ආණ්ඩු ඉදිරියේ දණ ගස්සපු නිසා ඒකට අපි කිව්වා පැරණි වම කියලා. ඒක අද සනාථ වෙලා තිබෙනවා. අද තිබෙන්නේ එක සැබෑ වමයි. ධනේෂ්වර ආණ්ඩුවලට, පක්ෂවලට දණ නොනමන එකම පක්ෂයයි. ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. අපි බය කරලා, තර්ජනය කරලා නවත්වන්න ලෑස්ති වෙන්න එපා. ඔයගොල්ලෝ කියන දිනවලට මැයි දින සමරන්න අපි ලෑස්ති නෑ. අපි සටන් කරපු ව්‍යාපාරයක්. ඒ ඉතිහාසයේ ගරුත්වය රැක ගන්න මොන විදියේ කැපවීමක්ද කරන්න ඕන, ඒක කරන්න අපි සුදානම් ව්‍යාපාරයක්.

එදා ජේ.ආර්. 87 මැයි දිනය තහනම් කළා. ඒ කාලේ අපි හිටියේ ජවිපෙ. එදා අපි සටන්කාමීන්. මැයි දින තහනම නොතකා අපි මැයි දිනයට ඒකරාශි වුණා. එජාප ආණ්ඩුව පොලිස් හමුදාව මෙහෙයවලා කිත්සිරිමෙවන් රණවක, ලෙස්ලි ආනන්ද සහෝදරවරු ඝාතනය කළා. ආයෙත් 2006 රාජපක්ෂ යුද්ධයට මුවා වෙලා මැයි දිනය තහනම් කළා. එතකොට අපි හීලෑ වෙච්ච ජේවීපී එකේ හිටියේ. ඒ ගැන ස්වයං විවේචනය කරනවා. එදා අපි හීලෑ වෙච්ච වමක් විදියට මැයි දිනය කළේ නෑ. ඒ නිසා තමයි අපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනගන්න සිද්ධ වුණේ. ආපහු සැරයක් රනිල් මෛත‍්‍රී හවුල අනියම් ආකාරයෙන් මැයි දිනය තහනම් කරලා තිබෙනවා. වැඩකරන ජනතාවගේ නිවාඩු දිනය අවලංගු කරලා, කොළඹ කිසිම පිට්ටනියක් දෙන්නේ නැතිව මැයි දිනය සමරන්න දෙන්නේ නෑ කියලා තීරණයකට ඇවිත්. නමුත් අපි ඒ තහනම නොතකා එකතු වෙලා ඉන්නවා, ජාත්‍යන්තර කම්කරු දිනය ගැන සාකච්ඡුා කරන්න.

වෙසක් පෝය සම්බන්ධ කර ගෙනනේ මේ සාකච්ඡුාව ඇවිත් තිබෙන්නේ. අපේ රටේ බහුතර ජනතාව බෞද්ධ ආගම අදහන ජනතාවක් ඉන්නේ. ඒ නිසා වෙසක් දින කටයුතුවලට බාධා වෙන නිසා කල් දැම්මා කියලා. මල්වත්තේ අනුනායක හාමුදුරුවොත් කිව්වා, මැයි මාසයට වෙසක් පෝය ගන්න කියලා ජාත්‍යන්තරයම කියනවා, මොකක්ද මේ පිස්සුවව කියලා. ඇයි මේ සිංහල බෞද්ධයා ගැන හදිසියේම කැක්කුමක් ආවේ. ආගම, වෙසක් පෝය ඉස්සරහට දා ගෙන ආවේ ඇයි? ආණ්ඩුව මුහුණ දීලා තිබෙන අර්බුදය. අගමැතිවරයා මුහුණ දීලා තිබෙන අර්බුදය, ජනාධිතිවරයා මුහුණ දීලා තිනෙ අර්බුදය, ඒකාබද්ධ විපක්ෂය මුහුණ දීලා තිබෙන අර්බුදය. බෞද්ධාගම අදහන ජනතාවගෙන් අපි අහනවා, බෞද්ධාගමට අනුව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් තිබෙනවාද? යහපත් කර්මාන්ත කරනවද? ධම්මික පෙරේරාලා යහපත් කර්මාන්තද කරන්නේ?

අද අපි පුවත්පත් බැලූවොත් මොනවද තියෙන්නේ? ආණ්ඩුව පවත්වාගෙන යාමේ අර්බුදය. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය. සජිත් නායකයා වෙයිද? රනිල්ට නායකත්වය තියා ගන්න පුළුවන් වෙයිද? මෛත‍්‍රීට ආපහු සැරයක් ජනාධිපති වෙන්න පුළුවන්ද? මේ තිබෙන්නේ පැහැදිලිවම ආණ්ඩුව මුහුණ දීලා තිබෙන අර්බුදය. ඒ දේශපාලන අර්බුදයට හේතුව තමයි ධනේෂ්වර ක‍්‍රමයේ අර්බුදය. රුපියල ඉතිහාසයේ කවදාවත් නැති තරමට අවප‍්‍රමාණය වෙලා. ආනයනික භාණ්ඩවලට ගෙවන්න වෙන මුදල වැඩි වෙනවා. ඉන්ධන මිල, ගෑස් මිල ඉහළ යනවා. ආහාර පානවල ඉඳන්, කෘෂිකාාර්මික භාණ්ඩවල මිල ඉහළ යනවා. බඩු මිල, ජීවන අංකය ඉහළ යනව එක නවත්වන්න බෑ. අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන්ව සියයට 70ක ණය කාරයන්. විගණකාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට කලින් කිව්වා එයාට ණය ප‍්‍රමාණය ගණන් කර ගන්න බෑ කියලා. දළ වශයෙන් ටි‍්‍රලියන දහයක් විතර ණයයි කිව්වා. ඉපදෙන්න ඉන්න දරුවා පවා ලක්ෂ හතර හමාරක් ණයයි. සමහරු කියනවා රුපියල බාල්දු වුණාම අපනයන ආදායම ඉහළ යනවලූ. අපේ රටේ හොඳ අපනයන තත්වයක් තිබෙනවා නම් ඔය තර්කයට ප‍්‍රශ්නයක් නෑ. අපේ රටේ අපනයන අඩුයි, ආනයන අඩුයි, වෙළඳ ශේෂය එන්න එන්න වැඩි වෙනවා.

ණය වාරික ගෙවන්න බැරිව ඉන්නේ. මාසික පොලිය ගෙවා ගන්න බැරිව ඉන්නේ. ඒ නිසා තමයි ආර්ථිකය බිඳ වැටිලා තිබෙන්නේ. රස්සා දෙන්න පුළුවන් නම්, එක එක ව්‍යාපෘති පටන් ගන්න පුළුවන් නම් ආණ්ඩුවල මේ වගේ අර්බුද එන්නේ නෑ. ඒවා තාවකාලිකව යටපත් වෙනවා. එහෙම තාවකාලිකව යටපත් කර ගන්න බැරි තරමට අර්බුදය උත්සන්න වෙලා. ඒක ලංකාවේ විතරක් නොවෙයි, ලෝකයේම තිබෙන ප‍්‍රශ්නයක් ට‍්‍රම්ප් පිස්සු කෙළින්නේ ඒකයි. ආසියාවත් එක්ක, චීනයත් එක්ක වෙළෙඳ යුද්ධයකට පැටලිලා ඉන්නේ ඒකයි. මේ අර්බුදය ලංකාවට නොදැනී තිබෙන්නේ නෑ. මෙහෙම වෙලාවකයි ධනේෂ්වර පක්ෂවල, ආණ්ඩුවල අර්බුදය කලින්ටත් වඩා වර්ධනය වෙලා තිබෙන්නේ. දැන් මෛත‍්‍රීගෙන් ගැලවිලා 16ක් විපක්ෂයට ගිහිල්ලාලූ. කැබිනට් සංශෝධනයක් එනවලූ. මහින්ද ඡන්දයක් ඉල්ලවාලූ. ආර්ථික අර්බුදයේ ප‍්‍රකාශනය තමයි පාලක පන්තියේ අර්බුදයක් බවට පත් වෙලා තිබෙන්නේ.

හොරු අල්ලන්න බැරි වුණු ආණ්ඩුව හොරු වුණා. කලින් හිටි හොරු චෝදනා කරන්නා බවට පත් වුණා. හොරු අල්ලන්න ආපු අය චූදිතයා බවට පත් වුණා. ඉතිහාසයේ හැමදාම එක පක්ෂයක් වෙනුවට අනෙක් ප‍්‍රධාන දේශපාලන පක්ෂයට බලය හිමි වෙන ක‍්‍රියාවලිය වෙමින් තිබෙනවා. මේක රාජපක්ෂගේ විශේෂ සමත්කමක් නිසා වෙච්ච දෙයක් නොවෙයි. ඒක සාම්ප‍්‍රදායිකව අපේ රටේ ඡන්ද දායකයා පුරුදු වෙලා ඉන්න පුරුද්දේ ප‍්‍රතිඵලයක්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පුරුද්ද නැති කරන්න ඕන කියලා. ඇත්ත වෙනසක් කරන්න වමට බලයක් ගේන්න ඕන කියලා.

පළාත් පාලන ඡන්දයෙන් පස්සේ තත්වය ඉතාම සංකීර්ණ වෙලා. මෛත‍්‍රීපාල සිරිසේනට හීන ගොඩක් තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය හදලා තමයි පස්සේ බලන්නේ කියලා. එහෙම තමයි ආයෙත් ඡන්දෙ ඉල්ලන්න තියෙන කැමැත්ත කිව්වේ. දෙවැනි වරට ජනාධිපති වීමේ හීනය අර්බුදයට ගිහිල්ලා. සන්ධානයේ බලය තමන් අතට ගැනීමේ හීනය අර්බුදයට ගිහිල්ලා. රනිල් බැලූවාව අගමැති වෙලා ඊළඟට ජනාධිපති වෙන්න. ඒකත් අවුලට ගියා. එයාට අගමැතිකම, ජනාධිපතිකම නොවෙයි පක්ෂ නායකකමත් නැති වෙන්න ගියා. ඒක රැක ගන්න ලොකු කුමන්ත‍්‍රණයක් කළා. ඒවට එයා දක්ෂයි. එජාපය ඉන්නවා බරපතළ ප‍්‍රශ්නයක. අභ්‍යන්තර කුළල් කා ගැනීම වැඩියි. නායකත්වය වෙනස් විය යුතුයි, සිදු වුණු ප‍්‍රතිසංස්කරණවලට එකඟ නෑ කියලා කියනව තත්වයට පත් වෙලා. රාජපක්ෂ මහත්තයා අර්බුදයෙන් ගොඩ ගිහිල්ලාද? නෑ. 44%ක් ඡන්ද ආවට එයාත් ඉන්නේ අර්බුදයක. ඒ නිසාම තමයි එයා මහ ඡන්දයක් ඉල්ලන්නේ. ඇයි? ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ. එයාට ඉල්ලන්න බෑ. ගෝඨා ඉල්ලනවට විරුද්ධ එක්කෙනෙක් තමයි මහින්ද. එයා හිතන්නේ තමන්ගෙන් පස්සේ නාමල්ට බලය එන්න ඕන කියලා. ගෝඨා ගේන්න පුළුවන්ද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. පක්ෂය ඇතුළේ අය අකමැතියි. මහින්ද අකමැතියි. විමල්ලා, ගම්මන්පිලලා නම් කැමතියි. නමුත් අනෙක් අය කැමති නෑ. ඒ සැලැස්ම තාමත් තියෙන්නේ අර්බුදයක.

ජනතා විමුක්ති පෙරමුණ ගැන තත්වය මොකක්ද? එයාලාත් අර්බුදයේ ඉන්නේ. හදිසියේම 20 වැනි සංශෝධනයක්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හදිසියේම වෙනස් වෙලාව විධායක ක‍්‍රමය හොඳයි කියලා අපි කියන්නේ නෑ. ඒක වෙනස් වෙන්න ඕන. තවත් ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕන. ඊළඟට ජනාධිපතිවරණය ආවොත් මොකද කරන්නේ? ජවිපෙට කරන්න දෙයක් නෑ. මෛත‍්‍රී ගෙනල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේනවා කිව්වනේ. එෆ්සීඅයිඞීය ගෙනාවේ ඒ අයනේ. අර විධායක කමිටුවල වාඩි වුණෘනේ. දැන් තව කෙනෙකුට දෙන්න කියලා කියන්න බෑ. ඒ නිසා එයාලා හොයා ගත්තා අලූත් සටන් පාඨයක්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න. කලින් විධායක ක‍්‍රමය අහෝසි කරනවා කියලා බොරු කරපු වෙලාවේ ඒකට විරුද්ධව වැඩ කළාද? පාරට බැස්සද? නෑ. පළාත් පාලන ඡන්දෙ වෙනකං ඞීල් දැම්මා. දැන් තියෙනව දේශපාලන තත්වයේදී මුහුණ දෙන්න බැරි නිසා, අර්බුදයට මුහුණ දෙන්න බැරි නිසා විධායක ජනාධිපති ක‍්‍රමයට තියෙන විරෝධය දාලා පොටක් පාදා ගන්න උත්සාහ කරනවා.

පාලක පන්තිය කියලා කියද්දී අපි කිව්වේ එජාපයට සහ ශ‍්‍රීලනිපයට. ආණ්ඩු කරන අයටයි පාලක පක්ෂය කියලා කිව්වේ. අලූත් තත්වයට අනුව පාලක පන්තිය වෙනස් වෙලා තියෙනවා. ඒකේ එජාපය, ශ‍්‍රීලනිපය විතරක් නොවෙයි, ඒකාබද්ධ විපක්ෂයත් පාලක පන්තියේ ඉන්නවා. ජවිපෙත් ඉන්නවා. ටීඑන්ඒත් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි පනත් සම්මත කරන්නේ. පළාත් පාලන මැතිවරණ සංශෝධනය ගෙනල්ලා ජවිපෙ නායකයා මොකද කිව්වේ. මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයක් ගෙනාවා කිව්වා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? නෑ. හාරදාස් ගාණක් තිබුණු මන්ත‍්‍රීධුර ගණන අට දාස් ග%ණනක් කරලා තමන්ගේ මන්ත‍්‍රී ධුර ගණන වැඩි කර ගත්තා.

පාලක පන්තිය අර්බුදයට ගොදුරු වෙලා ඉන්න වෙලා වේ වමක් නම් – වමක් නම් කියන්නේ ඒක දැන් වම නොවෙයි – කළ යුත්තේ ජනතාව පාරට බස්සලා විරෝධය ගොඩනගන්නව ඕන. නමුත් ඒ ගොල්ලෝ යන්නේ පාලන රැක ගන්න තැනට. යෝජනා අරගෙන එන්නේ රෝහණ විජේවීර සහෝදරයා නිර්මාණය කරපු පක්ෂයේ නම. සෞඛ්‍යයට, අධ්‍යාපනයට වෙන් කරන මුදල කප්පාදු කරනවා. ග්ලයිපොසේට් තහනම නැවත ඉවත් කරන්න යනවා. මෙන්න මේ තත්වයට එරෙහිව පෙළ ගැහෙන්න, වැඩක් කරන්න අපිට තිබෙනවා. ඇත්ත වෙනසක් සඳහා වමේ බලයක් කියලා කියද්දී කොහොමද ඒක කරන්නේ? ජන බලය ශක්තිමත් කරන්නේ කොහොමද? ජනතාව සංවිධානය වෙන්න ඕන. ඡුන්දයකට විතරක් සීමා කරලා තියෙන දේශපාලන ක‍්‍රියාකාරීත්වය ඊට වඩා පළල් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නායකත්වය, මඟ පෙන්වීම දැක්ම, අපි ළඟ තිබෙනනවා. ඒ සඳහා අපි ඒකරාශී වෙමු. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වටා රොද බැඳ ගනිමු.