මෛත්‍රී එක්ක තරහා වෙලා නහය කපා ගන්න බෑ…….20 ගේනකම් අපි නිහඬයි ආවම බලමු යකා කළුද කියලා…!

0

යම් පුද්ගලයෙක් 20 වෙනි සංශෝධනයයට පක්ෂයි යනුවෙන් අත ඔසවන්නේ නම් ඔවු න් දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ ඒකිය භාවය පාවා දෙන කුමන්ත්‍රණයේ හවුල්කරුවන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා.

ඊයේ (01) කඩුවෙල පැවති සම්මන්ත්‍රණයකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“කවුරු හරි කියනවා නම් 20 වෙනි සංශෝධනයට පක්ෂ වෙන්න කියලා ඒ කියන්නේ ආණ්ඩුවට පක්ෂ වෙන්න කියන එක. ඔය සංශෝධනයේ වඩා භයානක කෑලි ටික එන්නේ කාරක සභා අවස්ථාවේදි. එහෙම නැත්නම් ආණ්ඩුව මොකද කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය පාවිච්චි කරනවා ජනමත විචාරණයක් හැටියට. එතකොට ඒකට අලුත් පොදු අපේක්ෂකයෙක් එනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණට අමුඩ කොටේ රි ඇදගෙන හවුලට මුට්ටි අල්ලන්න මග පෑදෙනවා. දැන් 2/3 දීලා ඒකාබද්ධය එතන උදව් කරලා ජනාධිපතිවරණයේදි උදව් නොකර ඉන්න පුළුවන් ද? ජනාධිපතිවරණය සහය දෙන්න බෑ මේකට සහය දුන්නාට කියලා කියන්නද? ලණුව කෑවොත් පහරන කම් ගිලින්න වෙනවා. කවුරු හරි 20 වෙනි සංශෝධනයට පක්ෂයි කියලා අත ඔසවනවා නම් ඒ කියන්නේ මේ කුමන්ත්‍රණයේ පක්ෂ හෝ විපක්ෂ කුමන්ත්‍රණකරුවෝ. දැන් ඒකාබද්ධය මේ දවස් වල තීරණය කරලා ඉන්නේ ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවට එනකම් ඒ ගැන ස්ථාවරයක් නොකියා ඉන්න කියලා. යකා ආවට පස්සේ ඇස් දෙක ඇරලා යකා නම් ආ යකා කියලා කියනවා. අර 16 දෙනා එන එකට ආඩපාලි කියන අය ඉන්නවා දැන් අපේ කඳවුරේ. ඒ 16 දෙනා වැදගත් කියන්නේ ඇයි/ ඒ අපේ විදියට ගැලවෙන්නේ ආණ්ඩුවේ 2/3”

“ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ තිබෙන කෝන්තරයක් නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සහාය දෙනවා නම් ඒක හරියට ‘මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගත්තා වාගේ’ වැඩක්. දැන් මේ බටහිර බලවේග සහ ඔවුන්ගේ ඔත්තු සේවා බලනවා අපේ කඳවුර ඒ නහය කපා ගන්න ඉරණමට ඇදලා දමන්න. මේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ ජේ. ආර්. ජයවර්ධන විසින් ගෙන ආ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනුයි. ඒ වගේම 1987 දී ඉන්දු – ලංකා ගිවිසුම මගින් බලහත්කාරයෙන් මේ රටේ මූලික නීතියට පළාත් සභා ක්‍රමය ඇතුළත් කරනු ලැබුවා. ඒ, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනුයි. එදා ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ ඒකීයභාවය අහෝසි වෙනවා. ඒ නිසා මේ සංශෝධනය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් උවමනා බවට තීන්දුවක් දෙන්න’ කියා රටට ආදරේ කරන පිරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් 09 දෙනාගෙන් හතරදෙනෙක් ඍජුවම කීවා, ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා’ කියලා. තවත් හතරදෙනෙක් කීවා, ‘මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් වෙන්නේ නැහැ. අපි එහෙම තීන්දු කරන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තුළින් උපදින විධායක බලය, මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා සතුව පැවතීම නිසයි. ඇමති මණ්ඩලය, මහ ඇමති හෝ පළාත් අමාත්‍ය මණ්ඩල හරහා හෝ ක්‍රියාත්මක වන්නේ එම විධායක බලයයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එවැනි මුදුනකින් විධායක බලය ක්‍රියාත්මක වීම වෙනස් කර නොමැත. එම හේතුව මත ශ්‍රී ලංකාව ෆෙඩරල් නොවේ’ කියලා. නවවැන්නා කීවා, ‘මෙම සංශෝධන සිදු කළහොත් ෆෙඩරල් නොවේ. ඒවා සිදු කළහොත් ජනමති විචාරණයක් අවශ්‍ය නොවේ.’ කියා. ඔහු කියූ සංශෝධන සිදු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙලා තමයි එදා ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ තුනෙන් දෙකක ඡන්දයෙන්, ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගනු ලැබුවේ.” මන්ත්‍රිවරයා මෙහිදි පවසා සිටියා.

Wimal Weerawansa

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here